1200 x 80 DMirror
 
 

ඇතැම් වෙබ් අඩවි හා යු ටියුබ් නාලිකා තමන්ට එරෙහිව පදනම් විරහිත ද්වේශ සහගත චෝදනා එල්ල කරන්නේ,
මේ දිනවල හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඒම සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරය නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
 
දැඩි බැසිල්වාදියකු වන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා එබව සඳහන් කර ඇත්තේ, ඔහු සම්බන්ධයෙන් වෙබ් අඩවි කිහිපයක හා යු ටියුබ් නාලිකාවක ජුනි 28 දා පළකර ඇති පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමිනි.
 
එම පුවත් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඇමතිවරයා පරිගණක අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේ ජුනි 29 වෙනිදාය. 
 
ඇමතිවරයා එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් පවසන්නේ, මෙම මඩ මෙහෙයුමේ අරමුණ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම බවයි.
2024 ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ බැසිල් පාර්ශවය හා විමල් පාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විමල් කණ්ඩායම පෙනීසිටින අතර බැසිල් වාදීන්ගේ අරමුණ වී ඇත්තේ බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටය. 
 
 
 
පිළිතුරුදීමේ අයිතිය : 
  
fsdfr
 
සංචාරක ඇමතිවරයා ' ද ලීඩර්' සම්බන්ධයෙන් පැමිණිලි කර නැතත් එම පැමිණිල්ලට පාදකවී ඇති පුවතක් ''කටුනායක ගුවන්තොටුපලේ ඩොලර් මිලියන 20 ක කොමිස් ගැහිල්ලක් ?'' යන ශීර්ෂයෙන් යුතුව ජුනි 28 දා 'ද ලීඩර්' පුවත් වෙබ් අඩවියේ පලකල තිබිණ. 
 
එම විශේෂ වාර්තාව සම්බන්ධයෙන් ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය  අමාත්‍යංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.  
 
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය  අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ජුනි 29 දිනයෙන් යුතුව 'ද ලීඩර්' වෙත යොමුකර ඇති  ලිපිය 'පිළිතුරුදීමට ඇති අයිතිය' යටතේ කිසිඳු සංස්කරණයකින් තොරව පහත පළකර ඇත. 
 
 
 
බණ්ඩාරනායක ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ උපකොන්ත්‍රාත්තු පිරිනැමීමක් සම්බන්ධව පළවූ ප්‍රවෘත්ති වාර්ථාව:
 
කටුනායක ගුවන් තොටුපලේ ඩොලර් මිලියන 20ක කොමිස් ගැහිල්ලක් ? යන මාතෘකාව යටතේ 2021 ජූනි 28 දින The Leader නමැති වෙබ් පුවත් අඩවියේ (https://theleader.lk/news/7286-20-15) ප්‍රධාන සිරස් තලය යටතේ පළවූ පුවත ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියට අදාල කාරණයක් වන බැවින් ඒ සම්බන්ධව අමාත්‍යංශය පාර්ශ්වයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත්කිරීම සුදුසු බව අදහස් කරමි.
 
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය පැකේජ් A සහ පැකේජ් B වශයෙන් (Package A & Package B) කොටස් දෙකකින් ලෙස ක්‍රියාත්මක වේ.  
 
මේ සඳහා අරමුදල් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් JICA ආයතනය විසින් ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම (AASL) වෙත ණය පදනම යටතේ පිළිවෙලින් 2012 හා 2016 වර්ෂවල දී අවස්ථා දෙකකදී ලබා දී ඇත.
 
මෙම ව්‍යාපෘතිය සඳහා  උපදේශක ආයතනය වන්නේ ජපන් ගුවන්තොටුපල උපදේශක (JAC)  සමාගමයි.
 
දුරස්ථ යාත්රාංගණය (Apron) සහ ප්‍රවේශ මාර්ග (Taxiways) අයත්වන Package B ඉදිකිරීම් 2017 පෙබරවාරි මාසයේදී  Hazama Ando Corporation නැමති ජපන් සමාගම වෙත පිරිනමා ඇත.
 
Package A ට අදාල පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත කාර්යයන් සඳහා 2017 වර්ෂයේ පෙබරවාරි මස ලංසු භාරගැනීම අවසන් කර ඇත.  
 
එහිදී සුදුසුකම් ලැබූ Taisei සහ Obayashi Corporation යන බද්ධ ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා  අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් සාකච්ඡා පවත්වා ඇතත්, එම ප්‍රයත්නය අසාර්ථක වී ඇත.
  
අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ එවකට ප්‍රවාහන හා ගුවන් සේවා  අමාත්‍යංශයේ  මැදිහත්වීම මත JICA සහ JAC ආයතනයන්හි සහභාගීත්වයෙන් 2018 හා 2019 වර්ෂයන්හිදී Taisei  Corporation ආයතනය සමඟ පවත්වන ලද සාකච්ඡාවන් සහ සම්මුතීන්හි රැසක  ප්‍රතිඵලයක් වශයෙන් ඉදිකිරීම් කොන්ත්රාත්තුව Taisei සමාගමට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.  ඒ අනුව 2020 මාර්තු මාසයේදී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇත.
 
Taisei සමාගම විසින් උපකොන්ත්‍රාත්කාර සමාගමක් ලෙස China State Construction Engineering Corporation නමැති චීන ජාතික සමාගම යෝජනා කර ඇතත් උපදේශක සමාගම වන JAC සමාගම විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී නැත.  Taisei සමාගම විසින් නැවතත් China State සමාගම සඳහා අනුමැතිය ඉල්ලා ඇතත් JAC මඟින් නැවතත් ප්‍රතික්ෂේප වී ඇත.
 
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සංචාරක අමාත්‍යංශයේ  සහ ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමන්ලා, ලේකම්වරු සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ (AASL) සභාපතිවරයා සහ නිලධාරීන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ ව්‍යාපෘති නිලධාරීන්, JAC හා Taisei ආයතනයන්හි මෙන්ම JICA ආයතනයේ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවති රැස්වීමේ දී ඉහත කරුණ ද සාකච්ජාවට භාජනය විය.  
 
උපකොන්ත්‍රාත්කරු පිළිබදව පවතින මෙම අර්බුදය, දැනටමත් ප්‍රමාද වී පවතින පැකේජ් A හි ඉදිකිරීම් තවදුරටත් ප්‍රමාද කිරීමට හේතුවන බැවින් Taisei හා JAC යන දෙපාර්ශවයම සමඟ සාකච්ඡා කොට සුදුසු විසඳුමක් ලබාගැනීමට මැදිහත්වීමේ වගකීම සේවාලාභී ආයතනයවන ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ (AASL) සභාපතිවරයා වෙත පැවරීමට එහිදී තීරණය විය.  ඒ අනුව සභාපතිවරයා විසින් දෙපාර්ශවය සමඟ සාකච්ඡා කිරීම මේ වනවිට ආරම්භකර ඇත.
 
Taisei සමාගම විසින් භාරගත් ඉදිකිරීම් කටයුතු ඔවුන් විසින්ම සිදුකිරීම හෝ උපකොන්ත්‍රාත්කරුවන් මඟින් සිදුකිරීම යන්න තීරණය කලයුත්තේ Taisei ආයතනය විසින්මය.  
 
උපකොන්ත්රාත්කරුවන් විසින් ගුණාත්මක සේවයක් ලැබේදැයි තහවුරු කරගැනීම සඳහා උපදේශක ආයතනයේ මැදිහත්වීම හා අනුමැතිය ලබාගැනීම අතවශ්ය කාරණයකි .
 
 සුදුසු උපකොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම Taisei සමාගම සහ JAC සමාගම යන පාර්ශවයන් විසින් කලයුතු වන අතර එය ප්‍රමාදවීම මඟින් සේවාලාභී පාර්ශවය වන AASL ආයතනයටත් අවසාන වශයෙන් රටටත් සිදුවන අවාසිය මඟහරවාගත යුතුව ඇත.  
 
එවැනි උපකොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරයකු හෝ වෙනත් පාර්ශවයක් විසින් අමාත්‍යංශය වෙත බලපෑමක් සිදුකර නැති අතර අදාළ උපකොන්ත්‍රාත්තුව පිරිනැමීම පිළිබඳ තීරණය AASL සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වන සාකච්ඡා වලදී Taisei සහ JAC යන සමාගම් විසින් තීරණය කරනු ඇත.
 
 
 
 
සබැඳි පුවත :
 
 

 

 


 

THE LEADER TV 
 
 
 
බැසිල්ට බාල්දියක් - මුදල් ඇමැතිකමත් කොටඋඩ?
 
 
 
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 
 
logo

subscribeYT

subscribeYT

නවතම පුවත්