හිටපු අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් නොවන නමුත්, ඔහු ආවා කියා ගැටලු විසඳෙන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ඔහු මේ බව පැවසුවේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අද (01) අදහස් දක්වමිනි.
 
කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්‍රශ්න එසේම තිබෙන බව කී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා, බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බව එහිදී පැවසිය.
 
වර්තමානයේ පවතින ප්‍රශ්න ඇතිවුයේ බැසිල් රාජපක්‍ෂත් සිටි ආණ්ඩුවක් තුළ බව ද ඔහු සිහිපත් කළේය.
 
 
 
වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි  ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසිය. 
 
 
රට තුළ පවතින ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව කී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එම තත්වය නිවැරදිව කළ යුතු බව ද සඳහන් කළේය.
 
රට තුළ පවතින අර්බුදය තේරුම් නොගෙන ඇමතිකම් බෙදාගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
 
 

 
 
 
##########
THE LEADER TV 
බැසිල් ජාතිකවාදීන් චූන් කරන්න මුස්ලිම් මන්ත්‍රී පන්නයි ද? 
 
 
 
බැසිල් එන්නේ ජනපති - අගමැති ෆේල් නිසා ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්