එක්සත් ජාතික පක්ෂය 'හයිජැක්' කිරීමට උත්සහ කරන බාහිර බලවේගයන්ට කිසිඳු ආකාරයකින් ඒ සඳහා ඉඩ නොතබන බව අමාත්‍ය සුජීව සේනසිංහ අවධාරණය කර සිටියි.

ඇතැමුන් බාහිර පාර්ශව වල සහයෙන් බලය රැකගැනීමේ උත්සාහයක නිරතව සිටින බවට ද ඔහු චෝදනා කරයි.

ඇමතිවරයා එබව සඳහන් කළේ ඊයේ (02) සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''පසුගියදා අරලියගහ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාපය අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීම සහ එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා බහට ලක්වුණා.

රැස්වීමට සහභාගී වන අවස්ථාවේ දී සන්ධාන ව්‍යවස්ථාවේ පිටපත් අපිට ලැබිලා තිබුණේ නැහැ. දෙදහස් දහඅට දෙසැම්බර් මාසයේ ආකෘතියක් තිබ්බා. තව ආකෘතියක් තිබ්බා. අපි දන්නේ නැහැ ඊට පස්සේ කීයක් ආකෘති තිබ්බද කියලා. එහිදී අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කිරීමෙන් පසුව විනාඩි 45කට විතර පස්සේ ව්‍යවස්ථාවේ කොපියක් ලබා ගැනීමට හැකිවුනා.

අගමැතිතුමා අපිව එදා කැඳවලා අපිට එදාම සම්මත කරන්න කියලා කිව්ව ව්‍යවස්ථා කෙටුම්පත, එදා උදේ වෙනකොටත් නැවත යම්කිසි ආකාරයක වෙනස්කම්වලට භාජනය වී තිබුනා. එනිසා අපිට හරියට කියවන්නේ නැතුව එහෙම සම්මත කරන්න බැහැ. මොකද මේක නීත්‍යානුකූල ලියවිල්ලක්. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න ඕනේ. ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉතින් හැම එක්කෙනාටම ඉංග්‍රීසි භාෂාව මනාව හසුරුවන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක් වෙනවා.

ඉතින් එදා මම ඉල්ලා හිටියේ මේකේ හදිස්සියක් නැහැ. අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් මැතිවරණයක්. ඒ ශක්තිය එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට කාලය ලබා දෙන්න කියලා. පස්වෙනිදා ම මේක අත්සන් කරන්න හදිස්සි වෙන්න එපා කියලා.

Sajith 2020 1

''ඉතින් අපි කිව්වේ වෙන නම් නැත්නම් සජිත් අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්න කියලා''

ඊට පෙර මම සඳහන් කරා අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමයි වැඩියෙන් අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී සියලු දෙනාම වගේ ඒ යෝජනාවට එකඟවුණා. ඒ අවස්ථාවේදී මම යෝජනා කරා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම. අපේ ගමේ, අපේ ආසනේ, අපේ රටේ තියෙන ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කරා.

ඉතින් වෙන නම් නැත්නම් එතුමා අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්න කියලා අපි කිව්වා. වෙන නම් තියෙනවානම් ඒ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයත්, මන්ත්‍රී කණ්ඩායමත් එකමුතුව සාකච්ඡා කරලා ඒ වෙනුවෙන් ගන්න ඕනෑම තීන්දුවකට අපි එකඟයි කියන කාරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙසයි ඉදිරිපත් කරේ.

ඉතින් ඒකට පක්ෂව මන්ත්‍රීවරු විශාල පිරිසක් අදහස් ප්‍රකාශ කරා, මම හිතන්නෙ විසි ගානක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ අවස්ථාවේදී යම්කිසි මත ගැටීමක් ඇති වුණා. පස්වෙනිදා සන්ධානය අත්සන් කරනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්.

 

සන්ධානයේ ලේකම් ධුරය එජාපයට ඕනමයි !

විශේෂයෙන්ම ව්‍යවස්ථා කෙටුම්පතේ ඒ අවස්ථාවේ අපිට ඇස ගැටුනු ආකාරයෙන් අපි යම් යම් සංශෝධන යෝජනා ඉදිරිපත් කරා. එහිදී විශේෂයෙන්ම ලේකම්ධූරය අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය දැරිය යූතුයි කියන දැඩි මතයේ අපි ඉන්නවා. ඒකට කිසිම ආකාරයක බුරුලක් හම්බවෙන්නේ නැහැ.

කෘත්‍යධිකාරී මණ්ඩලයේදී අපේ මැති ඇමතිවරුන් තමන්‌ගේ තනතුර ගැන නොතකා එක්සත් ජාතික පක්ෂය රැකගැනීමේ කර්තව්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කරා. ඒ වෙනුවෙන් කතා කළා. එතුමන්ලා කෙලින්ම අගමැතිතුමාට කිව්වේ විශේෂයෙන්ම මේ සන්ධානයේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ කියලා. ඒකේ මූලස්ථානයේ ඉඳල.

මූලස්ථානයේ අපි දන්නෙවත් නැති එඩ්රස් එකක් තිබුණේ. මූලස්ථානය අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් සන්ධානගත වෙනකොට වෙනත් පක්ෂ අනුගමනය කරන කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් අපේ විමසීමට ලක් වුණා. එහි දී අපි කිවුවේ, 'සිරිකොත' එජාප මුලස්ථානය අනිවාර්යයෙන්ම සන්ධානයේ කෙන්ද්‍රස්ථානය බවට පත්වෙන්න ඕනේ කියලා.

Text 47

එක්සත් ජාතික පක්ෂය තමයි මූලික පක්ෂය. එහිදී විශේෂයෙන්ම අපි සඳහන් කරා. අපි අනිවාර්යයෙන් සන්ධානගත වෙන්න ඕනේ, මීටත් වැඩිය ලොකු සන්ධානයක් හදන්න ඕනේ කියන එක තමයි අපේ අදහස වුනේ.

ඒකට මනෝ ගනේෂන් මැතිතුමා, රවුෆ් හකීම් මැතිතුමා, දිගම්බරම් මැතිතුමා, රිෂාඩ් බදියුදීන් මැතිතුමා, රාධා ක්‍රිෂ්ණන් මැතිතුමා, චම්පික මැතිතුමාලා පමණක් නෙවෙයි, අර්ජුන මැතිතුමාල පමණක් නෙවෙයි, ඊට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු, අනිකුත් පක්ෂවල මන්ත්‍රීවරු, මේ ආදී වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, රටේ අනාගතයට විශේෂයෙන්ම ස්වර්ණමය යුගයක් බිහි කරන් බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසිඳු සියලුම නායකයන් එකතු කර ගැනීමේ චේතනාවෙන් තමයි අපි සන්ධානගත වෙන්න ඕනේ කියලා අපි අවධාරණය කළා ..

 

රාජපක්ෂවරුත් බියවෙන අපේක්ෂකයෙක් !

හැබැයි එක්සත් ජාතික පොදු අපේක්ෂකයෙකු යටතේ. එක අනිවාර්ය කොන්දේසියක් ...මේක මම හැමවෙලේම කිවුවා. ශක්තිය තියෙන්නේ අපේ. අපිට එහෙම අපේක්ෂකයෙකුත් ඉන්නවා. ජයග්‍රහණය කරන්න පුළුවන්. රාජපක්ෂවරුත් බියවෙන අපේක්ෂකයෙක් අපි ලඟ ඉන්නවා. ඉතින් රාජපක්ෂවරු අයින් කරන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයත් අපි ලඟ ඉන්නවා.

ඉතින් ඒ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම හොඳ පසුබිමක් තියෙනවා. දේශපාලන දැනුමක් තියෙනවා. වැඩක් කරලා තියෙන නායකයෙක් පිරිසිඳු නායකයෙක් ඒ නායකයා වටා අපිට එකතුකර ගන්න පුළුවන් විශාල සන්ධානයක්.

Ranil Only

විශේෂයෙන්ම මෙම සන්ධාන ව්‍යවස්ථාවේ එජාපය වෙනුවෙන් නායකත්ව මණ්ඩලයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. එහෙම වෙන්න බැහැ. තනියෙම ආපු පුද්ගලයොත් නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෝ. එතුමත් එක සාමාජිකයෙක්.

තනියෙන් මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වෙන වෙනත් පක්ෂයක පුද්ගලයෙකුත් නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක්. ඒක සාධාරණ නැහැ. ඉතින් අපි කිවුවේ අඩුමගානේ මන්ත්‍රීවරු දෙන්නෙක්වත් පක්ෂයක ඉන්න ඕනේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්න.

ඒ වගේම ඒ සාමාජික ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ ඉන්න ඕනේ ඊට වැඩිය එකක්. දහයක් නම් නායකත්ව මණ්ලයේ වෙනත් පක්ෂවලින් එක්සත් ජාතික පක්ෂයෙන් 10+1. එකොළහක් ඉන්න ඕනේ අපෙන්. එතකොට බහුතරය තියෙන්නේ අපේ අතේ.

මේ ආදී වශයෙන් අපි ඉතාමත් සාධාරණ යෝජනා ගණනාවක් ඉදිරිපත් කලා. ඒ යෝජනා වලට මනෝ ගනේෂන් මැතිතුමා, දිගම්බරම් මැතිතුමාලා, රවුෆ් හකීම් මැතිතුමාලා ඔක්කොම එකඟයි. එකඟ නොවන දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පුළුවන් තනියෙන් ඉන්න. අපිට ඊට වඩා අවශ්‍ය කරන්නේ පුළුල් සන්ධානයක්.

ඉතින් ඒ ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂයෙ රැකගනිමින්, එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා දිය කරලා කාටවත් බලයේ ඉන්න ඕනේ හින්දා ඒ කර්තව්‍ය ඉටු කරන්න එක්සත් ජාතික පක්ෂය අයිජැක් කරන් අපි ඉඩ දෙන්නේ නැහැ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්