මුදල් අමාත්‍යංශය බලතල සහිතව ලබා නොදේනම් කිසිඳු අමාත්‍ය ධුරයක් බාර නොගැනීමට බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.  
එම තත්ත්වය තුල බැසිල් රාජපක්ෂ වෙත ලබාදෙන අමාත්‍යංශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා  අතර එකඟත්වය අත්කර ගැනීමේ විශේෂ සාකච්ජාවක් හෙට දහවල් පැවැත්වීමට නියමිත බව ද එම ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.
 
 
ඉල්ලා අස්වෙන මන්ත්‍රී !
 
 
මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් සිය මන්ත්‍රීධුරය කැප කිරීමට සිදුවන්නේ කාටද යන්න තීරණය හෙට (03) දිනයේදී ගැනීමට නියමිත ය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ඉල්ලා අස්වීමට නියමිතව සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් ෆලීල් මර්ජාන් ට ඉල්ලා අස්නොවන්නැයි අගමැතිවරයා පසුගිය සඳුදා ඔහුව අරලියගහ මන්දිරයට කැඳවා දැනුම් දී තිබිණ. 
 
 
 
ඇමතිවරුන් බියෙන් !
 
 
මේ අතර 'නෙත් නිව්ස්' වාර්තා කරන්නේ  බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් ජේෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුම නොසතුටින් සිටින බවට වාර්තා වේ.
 
 ඒ ඔහුගේ ආගමනයත් සමග සෑම අමාත්‍යාංශයකටම අත පොවනු ඇති බවට ඇතිවී තිබෙන සැකය නිසය.
 
බැසිල් රාජපක්ෂට ලැබිය යුත්තේ සියලු අමාත්‍යංශවලට මැදිහත්විය හැකි බලයක් සහිත අමාත්‍යංශයක් බවත් ඒ හරහා ලොකු වැඩක් කළ හැකි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගිය දා පැවසීය.
 
 
 

 
 
##########
THE LEADER TV 
බැසිල් එනවට ශ්‍රීලනිපයත් මනාප නැහැ ? 
 
 
කුමාර වෙල්ගම 'අපි ශ්‍රී ලංකා' අරඹයි : සජිත් අවුල් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්