බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
සමහර පුද්ගලයින් බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳව එක් එක් දිනයන් නම් කරනු මුත් අද හෙටම ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස් වූ පසු පමණක් බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දිය හැකි බව මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ සති අන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ පවසන්නේ, මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ සමඟ ඉදිරි සතියේ නිල වශයෙන් සාකච්ඡා සිදුකරන බවත් එම සාකච්ඡාවෙන් පසුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ස්ථිර තීරණයක් දිය හැකි බවත්ය.
 
” බැසිල් රාජපක්‍ෂ මහතාගේ ස්ථිර තීන්දුව ඔහුම හෙළිකරන තෙක් තමාට ඔහුගේ තීන්දු තීරණ අනාවරණය කළ නොහැකියි”යනුවෙන් අගමැතිවරයා අවධාරණය කර තිබේ. 
 
 
 
තීරණාත්මක සාකච්ජාවක් අද ?
 
පසුගියදා ඇමරිකාවේ සිට පැමිණි බැසිල් රාජපක්ෂ මේවනවිට කොළඹ Shangri-La හෝටලය තුළ නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර අද දහවල් ඔහු හා රාජපක්ෂ පවුලේ සහෝදරයින් අතර තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වෙනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
 මුදල් අමාත්‍යංශය සියලු බලතල සහිතව ලබා නොදෙන්නේ නම් පාර්ලිමේන්තු නොඒමට බැසිල් රාජපක්ෂ පැහැදිලි තීන්දුවක් ගෙන ඇතැයි ඔහුගේ සමීපතම හිතවතකු 'ද ලීඩර්' වෙත පැවසිය. 
 
 
 
 
 
##########
THE LEADER TV 
මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනයට : අර්ජුන් ඇලෝසියස්ට අනුමැතිය ! 
 

කුමාර වෙල්ගම 'අපි ශ්‍රී ලංකා' අරඹයි : සජිත් අවුල් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්