1200 x 80 DMirror
 
 

රාජ්‍ය බලය මෙහෙයවන රාජපක්ෂ සහෝදරයින් හා එම පවුලේ සමීපතමයින් කිහිප දෙනෙකු මේ මොහොතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ නිවසට රැස්වී බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය
සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක නිරත වන බව ඉතා විශ්වසවන්න කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
 
 ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඊට සහභාගී වී සිටින බවත්, බැසිල් රාජපක්ෂ වෙත ලබා දීමට නියමිත අමාත්‍යංශ සහ ආයතන පිළිබදවත් සාකච්ජා වෙමින් පවතින බවත් එම ආරංචිමාර්ග තහවුරු කරයි.
 
පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කට ඇතැයි පැවසේ.
 
බැසිල් රාජපක්ෂ අමාත්‍ය ධූරයක්  භාරගැනීමට එකඟතාව පලකලොත් ඔහුට පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨවිම සඳහා ඉල්ලා අස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මෙන්ම, අනතුරුව ආණ්ඩුව තුළ සිදුකළ යුතු වෙනස්කම් පිළිබදව ද මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ද ලීඩර්' වෙත පැවසිය.
 
 

THE LEADER TV 
මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනයට : අර්ජුන් ඇලෝසියස්ට අනුමැතිය ! 
 

කුමාර වෙල්ගම 'අපි ශ්‍රී ලංකා' අරඹයි : සජිත් අවුල් ! 
 

subscribeYT

subscribeYT

නවතම පුවත්