theleaderlk 01

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන්නේ, තමන්ට අදාළ අමාත්‍යාංශය ජනාධිපති වරයා විසින්, ගැසට් කිරීමෙන් පසුව බව, 'පොහොට්ටු'
පක්ෂයේ ජාතික සංවිධායක , බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත දැනුම් දී ඇතැයි, ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
 
බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් ඊයේ, ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසේ පැවති සාකච්ජාවේදී, පැහැදිලි තීන්දුවක් ගෙන නැතත්, පසුව කිසියම් එකඟතාවයක් ඇතිකර ගැනීමට පවුලේ ඥාතීන් මැදිහත්ව ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.
 
අගමැති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යාංශය  බැසිල් රාජපක්ෂ වෙත පැවරීමට මුලදී එකඟතාවය පළකර තිබුනද, පසුව තත්ත්වය වෙනස් වී තිබිණ.
 
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, බැසිල්වාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් සිදුකරනු ලැබූ පුර්ව ප්‍රචාරක කටයුතු වලින්,  ජනාධිපතිවරයා හා අගමැතිවරයා ෆේල් බවට ජනමතයක් ඇතිවීම, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ කනස්සල්ලට හේතුවී තිබිණ.
 
ඔවුන්ගේ මාධ්‍ය උපදේශකයන් පෙන්වා දී ඇත්තේ බැසිල්වාදින් සමාජ මාධ්‍ය තුළ කළකී දේ හේතුවෙන් මහින්ද ගෝඨාභය යන දේශපාලන ප්‍රතිරූප වෙත සිදුවූ හානිය බරපතළ බවයි. එය ඉදිරි දේශපාලන කටයුතු සඳහා ද  හානිකර බැවින් වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙසයි.
 
බැසිල්වාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම, බැසිල්වාදී මැති ඇමතිවරුන් පසුගිය දින වල අවධාරණය කර සිටියේ, රටේ බඩු මිල අඩුකිරීමට, ඉන්දන මිල අඩුකිරීමට බැසිල් පාර්ලිමේන්තු පැමිණිය යුතු බවයි. එසේම බැසිල්ට මොළ 7 ඇති බවත් , යුද ජයග්‍රහණයේ පවා පිටුපස හිටි බලවේගය බැසිල් බවත් එම ප්‍රචාරක මෙහෙයුම මගින් අවදාරණය කර තිබිණ.
 
 
 
බැසිල්ට වගකීම් ගොඩක් ?
 
 
මේ අතර 'ඉරිදා ලංකාදීප' පුවත්පත වාර්තා කර ඇත්තේ, බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ අමාත්‍යාංශයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
 
මීට අමතරව අලුතින් ඇතිකරන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ ත් අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
 
බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත අතර, ඔහු එදින හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිතව ඇතැයි ද ලංකාදීප පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
 ඔහු 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළේය.
 
 
##########
THE LEADER TV 
බැසිල්-විමල් සටන් විරාමය ! 
 
මහින්ද- දුටුගැමුණු, බැසිල්- කාවන්තිස්ස නම්'ස' කවුද?
 

නවතම පුවත්