සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක සේවක සේවිකාවෝ හෙට (ජුනි 5) සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
 
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ එකාබද්ධව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.
 
ඒ අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්, ඖෂධ සංයෝජකයින්, දන්ත චිකිත්සකයින්, අක්ෂි තාක්ෂණවේදීන්, විද්‍යුත් විකර්පන රේඛණ ශිල්පීන්, විද්‍යුත් කාන්තු රේඛත ශිල්පීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සහ කීට විද්‍යාඥයින්, වෛද්‍ය රසායනගාර විද්‍යඥයන්, විකිරණ  විද්‍යා තාක්ෂණවේදීන්, රජයේ ඖෂධවේදීන්,  වෘත්තීය චික්ත්සකයින් සහ වීකිරණ ප්‍රතිකාර  චිකිත්සකයින් යන වෘත්තීන් ඒකාබද්ධ මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගන්නා බව ද වෘත්තීය සමිති නායකයෝ පවසති.
 
වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දේශපාලනිකව තමන්ට හිතවත් වෘත්තීය සමිති සමඟ පමණක් සාකච්ඡා කිරීමත්, වෛද්‍ය නිලධාරි සංගමය වැනි සංගම්, සෞඛ්‍ය අමාත්‍යාංශය  තුළ දේශපාලනය කිරීමත්, හේතුවෙන් ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවට අලුත් ගැටලු ගණනාවක් තම සේවාවන්ට එරෙහිව මතු කර ඇති බැවින් මෙම වර්ජනය නොවැලැක්විය හැකි බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
 
එම සංගමය විසින් අද (04) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී එම කාරණය අවදාරණය කෙරින.
 
 
කපුටන් එල්ලන්නට උපදෙස් දෙන ඇමතිවරුන්ගේ හා මර්දනයට අත තබන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ පාලනය වැරදිපාරකට ඇද දැමීමට උත්සාහ දරමින් සිටින බැවින්, ඒ පිළිබදව ප්‍රවේශම් වන ලෙස එම වෘත්තීය සමිති නායකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
 
 
එසේම වර්ජන ඇතිවන ආකාරයට ජනාධිපති මන්දිරයේ සිට තීන්දු ගනිමින්, එය භාවිත කොට ඇමතිවරු මාරු කිරිම හිසේ අමාරුවට කොට්ට මාරු කිරීමක් බවද මාධ්‍ය හමුවට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේය.
 
මාණ්ඩලික සේවා තත්වය, 5/12 උසස්වීම් ක්‍රමය, පොදු දීමනා ක්‍රමය  පිළිබඳ තීරණ ගැනීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා හොඳින් දන්නා බැවින්, ජනාධිපතිවරයා ඉදිරියේ සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිළිබඳව පැහැදිලි කළේ ද යන්න පිළිබඳව ඔවුන් ප්‍රශ්න කර සිටියේය.
 
සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපති ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුදය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද අපි කල්තබා සිහිපත් කර සිටින බවද මාධ්‍ය හමුවට එක්වූ නියෝජිතයින් සඳහන් කළේය.
 
වසංගතයේ සැබෑ තත්වය හෙළිදරව් කිරීමට විද්‍යාත්මක සාක්ෂි සපයන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කට වසා දමන්නට උත්සාහ දරන්නේ කිනම් හේතුවක් නිසාද යන්න හෙලි කරන ලෙස ද වෘත්තීය සමිති නියෝජිතයින් රජයේ බලධාරීන් ගෙන් විමසා සිටියේය.
 

 
 
 

 
THE LEADER TV 
 
බැසිල් අයියලට කොන්දේසි දමයි !
 
 
බැසිල්-විමල් සටන් විරාමය ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්