ජාතික ආර්ථිකය නැංවීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත මුදල් අමාත්‍යධුර ලබාදී යුතු ම බවට වූ සමාජ මාධ්‍ය මෙහෙයුමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.  
 විදෙස් රටවලින් වලින් ඩොලර් ගෙන ඒමට හැකියාවක් ඇත්තේ ජාත්‍යන්තරය සමග සුහඳ ශිලිව කටයුතු කළ හැකි  බැසිල් රාජපක්ෂ වැන්නකුට පමණක් බව එම සමාජ මාධ්‍ය මෙහෙයුම මගින් අවදාරණය කරමින් තිබේ.
 
මෙවැනි සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ වී ඇත්තේ, බැසිල් රාජපක්ෂට මුදල් ඇමතිකම හිමි නොවන බවට ඇතම් සති අන්ත ජාතික පුවත්පත්වල පලවී ඇති වාර්තාවලට ප්‍රතිචාරයක් ලෙසින් බව පැහැදිලිවේ.
 
බැසිල් රාජපක්ෂ වෙත මුදල් අමාත්‍ය ධුරය ලබාදීමට අගමැතිවරයා එකඟත්වය පළකර ඇතත් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊට එරෙහිවී ඇතිබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 
 
 
 
 
මේ අතර මෙරට ප්‍රභූ කාන්තාවක් ජනාධිපති උපදේශකවරයකුට අද උදැසන දුරකථන ඇමතුමක් ලබාදෙමින් අගමැතිවරයා ගෙන් මුදල් අමාත්‍යංශය ඉවත්කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් විරෝධය පළකර ඇතැයි ද පැවසේ.
 
 
 
කෙසේවුවද අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසන්නේ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යළි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබද මෙතෙක් ආණ්ඩුව සමග සාකච්ඡා කර නොමැති බවයි.  
 
'නෙත් නිවුස්' කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටද එය මහත් ශක්තියක් වන බවයි.
 
 
 
 
මේ අතර රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජාතිකවාදී බලවේගවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ද බලවත් විරෝධයක් මතුවෙමින් තිබේ.
 
ඊට ප්‍රතිචාර දක්වා ඇති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 
''ජාතිකවාදය කියන්නෙ ජාතික ආර්ථිකය නැංවීම. ඉන් මෙහා සියල්ල හිස් වදන් විතරයි. හිඟන්නන්ට පවුඩර් දානව වගේ. ඇමරිකානු ජාතිකවාදය කියන්නෙ ඇමරිකානු ලිබරල්වාදය.''
 
 
 cvcv
 
මේ අතර අද (04) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගිය අගමැති මහින්ද රාජපක්ෂ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.
 
ශ්‍රී දළදා මාළිගාවට පැමිණි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ අගමැති ආර්යාව  දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් පිළිගනු ලැබූහ.
 
අගමැතිවරයා සහ ආර්යාව ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවය.
 

ghghg

fghghrt5t

 

 


 

THE LEADER TV 
 
 
බැසිල් අයියලට කොන්දේසි දමයි !
 
 
 
බැසිල්-විමල් සටන් විරාමය ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්