රූපවාහිනි, ජංගම දුරකථන, ශීතකරන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ ඇතුළු උපකරණ ආනයනය අත්හිටුවීමට
රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා මුළුමනින් ම අසත්‍ය බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පැවසු බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.
කෙසේවුවද ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සි නිව්ස්' ද ඇතුළු මාධ්‍ය ගණනාවක් ඊයේ (04) වාර්තා කර තිබුනේ, මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන ප්‍රමාණය මේ වන විටත් මෙරටට ආනයනය කර ඇති බැවින් ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය සීමා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
මෙම වසරේදී ඩොලර් මිලියන 250ක පමණ වටිනාකමින් යුත් ජංගම දුරකථන ගෙන ඇති නිසා මෙම තීරණය ගැනීමට සිදුවනු ඇති බව එම පුවත් වෙබ් අඩවිවල සඳහන් විය.
රජය මෙවැනි තීරණයක් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ද මෙසේ අදහස් පළ කර තිබිණ.
විපක්ෂය නගන මෙම චෝදනා සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල 'නෙත් නිව්ස්' වෙත වැඩිදුරටත් පවසා තිබේ.
THE LEADER TV
බැසිල් අයියලට කොන්දේසි දමයි !
බැසිල්-විමල් සටන් විරාමය !