කොළඹට ආසන්න මුහුදේ දී පසුගිය මාසයේ මුහුදු බත් වු  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වු අධික විෂ සහිත ද්‍රව්‍ය ලංකාවේ වෙරල තීරය වනසා
ලීමට අමතරව දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවරයන් ද භිතියට පත් කිරීමට හේතු වී තිබේ.
 
තාවකාලික තහනමකින් පසු තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ අනෙකුත් ප්‍රදේශවලින් නැවතත් මුහුදු ගිය ධීවරයෝ ඔවුන්ගේ ජීවනෝපාය රැඳී ඇති සමුද්‍රීය ජීවීන්ට සිදුව ඇති හානිය පිලිබඳ කනස්සල්ල පළ කර සිටිති.
 
“අල්ලා ගත් මාළුන්ගේ යම් යම් වෙනස්කම් අපි නිරීක්ෂණය කළා. අපි ඒ ගැන කනසල්ලෙන් පසුවෙන්නේ. මේ මාළු අස්වැන්න තෙල් සහ කුඩා ප්ලාස්ටික් කැබලි හේතුවෙන් දූෂිත වී ඇති බව අපිට සිතෙනවා,”ධීවරයකු ලෙස රැකියාවේ නියුතු මරියාදොස් අරුල්නේසන් මාධ්‍යවේදීන් හා පවසා තිබේ.
 
ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ  ඉන්දු-ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රයෙන් අල්ලාගත් මසුන් මිලදී ගැනීම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන බියෙන් ප්‍රදේශවාසීන් සහ වෙළෙන්දන් මාළු මිලදී ගැනීමට මැලිකමක් දක්වන බවයි.
 
IMG 20210701 WA0041IMG 20210701 WA0039IMG 20210701 WA0036
 
මසුන්, ඉස්සන් සහ දැල්ලන් ඇතුළු සාම්පල පරීක්ෂණ කටයුතු සදහා රාමේෂ්වරම් අසල පිහිටා ඇති මණ්ඩපම් හි මධ්‍යම මත්ස්‍ය සමීක්ෂණ ආයතනය වෙත යවා තිබේ.
 
මත්ස්‍යයන්ගේ වරල් අතර තෙල් තැවරී තිබේද යන්න මෙන්ම මසුන්ගේ, ඉස්සන්ගේ සහ දැල්ලන්ගේ මුඛය තුළ කුඩා ප්ලාස්ටික් කැබැලි රැඳී තිබේදැයි  සොයාබැලීම සඳහා පරීක්ෂණ කෙරෙමින් පවතී.
 
දිග, පළල, බර සහ බාහිර පෙනුම ආදී සාම්පලවල භෞතික අංග පිලිබඳ පරීක්ෂා කිරීමද මෙම පරීක්ෂණ හරහා සිදු කෙරේ.
 
මියගිය කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුළු දුර්ලභ සමුද්‍රීය ජීවීන් අති විශාල ප්‍රමාණයක් වෙරළට ගොඩ ගැසීමත් සමග දකුණු ඉන්දියාවේ තුළ දැඩි නොසන්සුන්තාවක් ඇතිවී තිබේ.
 
  
පරිසර ක්‍රියාකාරීන්ට අනුව, විෂ රසායන ද්‍රව්‍ය සමුද්‍ර ජීවීන්ගේ සිරුරට ඇතුළුවීම සහ ඉන්දීය සමුද්‍රීය කලාපයට ඇතුළුවීමට ඇති සම්භාව්‍යතාව නොසලකා හැරිය නොහැකි ආකාරයේ අවදානමකි.
 
 
“තෙල්වලට නිරාවරණය වීම හේතුවෙන් වැඩිහිටි මත්ස්‍යයන්ගේ වර්ධනය අඩු වීම, වකුගඩු විශාල වීම, හදවත ගැසීමේ සහ ශ්වසන ක්‍රියාවලියේ වේගය වෙනස්වීම, වරල් ගෙවීම සහ ප්‍රජනනයට බලපෑම් ඇති වීම වැනි ගැටළු ඇතිවිය හැකිය. එමෙන්ම, මත්ස්‍ය බිත්තර සහ කීටයන් මාරාන්තික සහ අර්ධ මාරාන්තික බලපෑම්වලට දැඩි ලෙස සංවේදී විය හැකියි. මාරාන්තික බලපෑම් නිරීක්ෂණය නොවන අවස්ථාවලදී පවා, තෙල් හේතුවෙන් මත්ස්‍යයන් සහ පිට කටුවක් සහිත මත්ස්‍යයන් ආහාරයට ගැනීම මිනිසුන්ට අනාරක්ෂිත විය හැකිය,” යි එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ ජාතික සමුද්‍රීය සේවය පවසයි.
 
 
X Press Pearl fire expolosion 1 
 
තෙල් සහ ප්ලාස්ටික් කැබලි මෙන්ම අති විශාල ප්‍රමාණවලින් නයිට්‍රික් ඇසිඩ් නිකුත් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම පාරිසරික විනාශය ලෙස සැලකේ.
 
 
ශ්‍රී ලංකාවේ වෙරල තීරය පුරා සිය ගණනක් මුහුදු ජීවීන්ගේ සිරුරු ගොඩගසා ඇත්තේ ස්වාභාවික හේතුවලින් මියයාමෙන් නොව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නේ සෘජු බලආම නිසා බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය සතියේ දැනුම් දී තිබුණි.
 
ඒ වනවිට වනජීවී දෙපාර්තමේන්තුව විසින් මුහුදින් ගොඩ ගැසූ සත්වයන් 200ක සිරුරු එකතු කරගෙන තිබුණි ඊට කැස්බෑවුන් 170ක්, ඩොල්පින් 20ක් සහ තල්මසුන් 4ක් ඇතුලත් වේ. 
 
එමෙන්ම, නයිට්‍රජන් ඩයොක්සිඩ් විමෝචනය හේතුවෙන් මද අම්ල වැසි ඇති වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත.
 
විද්‍යාඥන් අනතුරු අඟවා ඇති ආකාරයට, රළ පහරත් සමග පැතිරෙන ප්ලාස්ටික් කැබලි තව තවත් ජීවීන් සහ සංවේදී පරිසර පද්ධතීන්වලට හානි කිරීමේ අවදානමක් ද පවතී.
 
 
ගැඹුරු මුහුදේ මත්ස්‍යයන් ඇල්ලීමේ නිරතව සිටින දකුණු ඉන්දීය ධීවරයන් පවසන ආකාරයට, මෙම ව්‍යසනය හේතුවෙන්, ඉන්දියානු සහ ශ්‍රී ලංකා මුහුදු තීරවලට ඔබ්බෙන් ඇති අරාබි මුහුදේ මත්ස්‍ය සම්පත් අහිමිවීමේ තත්වයකට මුහුණපා සිටින ධීවරයන් දීර්ඝ කාලීන දැඩි බලපෑම්වලට ලක්වනු ඇත.
 
 
 
“ප්‍රවෘත්ති නාලිකා හරහා දිගින් දිගටම ප්‍රචාරය කළ නිසා ප්‍රදේශවාසීන් මේ පිලිබඳ දැනුවත්. නමුත් මුහුදු ගොස් නැවත පැමිණෙන අයගෙන් මසුන් මිලදී ගැනීමට මිනිසුන් බියක් දක්වනවා. අපේ ධීවරයන් මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ප්‍රදේශ පිලිබඳ ඔවුන් දන්නවා,” යැයි ඇන්තනි මුත්තු නමැති තවත් ධීවරයෙක් පැවසුවේය.
 
සිදුවෙමින් පවතින පරීක්ෂණවල ප්‍රතිඵල සතියකින් පමණ ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, බලධාරීන් පවසන්නේ “එම ප්‍රතිඵල අනතුරු සහිත තත්වයක් පෙන්වුවහොත්, ඒවා ශ්‍රී ලාංකික බලධාරීන් සමග බෙදා ගනු ඇති අතර, හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මෙම තත්ත්වයට අවධානය යොමු කරන ලෙස මධ්‍යම රජයට බලකෙරෙනු ඇති” බවයි.
 
මුහුදුබත් වු නැවෙන් සාගරයට එක් වු විෂ ද්‍රව්‍ය ආහාර දාමයට ඇතුළු වීම වැළක්වීමේ අරමුණින් කිලෝමීටර් 80ක පමණ දිගින් යුතු වෙරළ තීරයක් පුරා මසුන් ඇල්ලීම ශ්‍රී ලංකාව දැනටමත් තහනම් කර ඇත.
 
විශේෂඥයන්ට අනුව, නෞකාවකින් මුහුදට තෙල් කාන්දු වීම හේතුවෙන් මුහුදු සිංහයන් වැනි ලොම් සහිත ක්ෂීරපායීන්ගේ උණුසුම රඳවා ගැනීමේ හැකියාව සහ කුරුල්ලන්ගේ පිහාටුවල ජල විකර්ශණ හැකියාව විනාශ වේ.
 
මීට අමතරව, කැස්බෑ පැටවුන් ආහාර යැයි රැවටී තෙල් තට්ටුවල සිරවිය හැක. එසේම, ඩොල්ෆින් සහ තල්මසුන් තෙල් ආශ්වාස කිරීමට ඉඩකඩ ඇති අතර, ඒවා ඔවුන්ගේ පෙනහළු, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රජනනයට බලපෑ හැකිය.
 
 
 
##########
THE LEADER TV 
පන්සල් පල්ලි වානා - ස්පා තමයි ඕනා...! 
 
 
බැසිල් අයියලට කොන්දේසි දමයි !
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්