ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් යන මහත්වරු ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අද(05) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.
ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන 08 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.
ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ සිව්වැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතාය.
මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන් මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.
කිසිදු නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ නොමැති තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් රැදවුම් බාරයේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් අප්‍රේල් මස 24 වන දා අලුයම තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින බවය.
තමා අත්අඩංගුවට ගැනීමට සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන රිෂාඩ් බදියුදීන්, සුළු ජාතික දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමන්ව අපහසුතාවයට හා පළිගැනීමට ලක්කිරීමේ අරමුණින් එය සිදුකොට ඇතැයිද චෝදනා කර සිටියි.
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසන්නේ, ආරක්ෂාව ගොඩනැගීම සඳහා බව කියමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විරුද්ධ පාක්ෂිකයින්ට එරෙහිව යොදා ගැනීම ප්රජාතන්ත්රවාදයේ පැවැත්මට බරපතල හානිදායක කාරණයක් බවයි.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයට එරෙහිව එම පනත යොදාගැනීම කිසිඳු ලෙසකින් අනුමත නොහැකිබව කියා සිටින මන්ත්‍රීවරයා, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට තම පක්ෂය එරෙහි නොවන බව ද කියා සිටියි.
ඒ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ, පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රිෂාඩ් බදියුදීන් බවයි.
සබැඳි පුවත් :
වැරද්දක් කරලා තියනවා නම් මට මරණ දඬුවම දෙන්න මේ විදියට පලිගන්න එපා - රිෂාඩ් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
##########
THE LEADER TV
පන්සල් පල්ලි වානා - ස්පා තමයි ඕනා...!
බැසිල් අයියලට කොන්දේසි දමයි !