අමාත්‍ය මණඩල පත්‍රිකා ඉදිරිපත් කිරීම වළක්වමින් සෞඛ්‍ය අමත්යවරියට බලපෑම් සිදුවන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණ්ඩලය පවසයි.
එම තත්ත්වය තුළ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත්වූ සාකච්ජාව අසාර්ථක වී ඇති අතර වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද බලමණඩලය සමග අද (05) උදෑසන සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැත්වූ සාකච්ඡාවේදී ඉල්ලීම් පිළිබඳව කිසිදු නිශ්චිත තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය අපොහොසත් වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය ඇඛණ්ඩව ඉදිරියට ගෙනයාමට පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලද බව 'පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය' සභාපති, රවී කුමුදේශ් පැවසිය.
ප්‍රධාන ගැටළු කිහිපය සදහා අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ධනාත්මක අභිලාෂය හැගවීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිටීම මගින්, තීරණ ගැනීමට ඇයට බලපෑමක් පවතින බව ඉතා පැහැදිළි බවද ඔහු සඳහන් කළේය.
එබැවින් මෙම ගැටළුව විසඳීම සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බැවින්, ඊට මැදිහත් වෙන ලෙස වෘත්තීය සමිති නායකයින් ඔවුන් දෙදෙනා ගෙන් ඉල්ලා සිටියි.
ඒ අනූව වර්ජන ක්‍රියාමාර්ගය හෙට දවසේදීත් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සිදුවන බව වෘත්තීය සමිති නායකයින් අවදාරණය කර සිටියි.
##########
THE LEADER TV
චීනයෙන් බැසිල්ට බාල්දියක් ?
පන්සල් පල්ලි වානා - ස්පා තමයි ඕනා...!