අද (06) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
ඒ මාතර, කළුතර සහ යාපනය දිස්ත්‍රිකවල ප්‍රදේශ කිහිපයකි.
 
මේ අතර තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමටද තීරණය කර තිබේ.
 
මෙහිදී මාතර උයන්වත්ත හා උයන්වත්ත උතුර ග්‍රාමසේවා වසම් හුදකලා කලේ ඇයි ද යන කාරණය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ හා මාතර ප්‍රාදේශීය ලේකම්ව කාර්යාලයේ බලධාරීන්ට පවා ගැටලු සහගත කාරණයක් වී ඇතැයි මාතරින් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරයි.
 
මාතර මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා නියෝජනය කරන මෙම ග්‍රාම සේවා වසම් කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මිට ඉහතදී හුදෙකලා කර තිබු නමුත්,  මේවනවිට එවැනි කිසිඳු අවදානම් සහගත තත්ත්වයක් වාර්තා නොවන බව මත දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ප්‍රකාශකයකු පැවසිය.
 
මාතර සෞඛ්‍ය වෛද්‍ය බලධාරීන්ද පවසන්නේ මෙම හුදෙකලා කිරීම අත්වැරදීමකින් සිදුවන්නට ඇති බවයි. 
 
එම තත්ත්වය තුල පොලිසිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් මේවනවිටත් අදාල ප්‍රදේශයට ගොස් මාර්ග බාධක යොදා නොමැත. 
 
මේ සම්බන්ධයෙන් මාතර ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිය ෆේස්බුක් පිටුවල මෙවැනි සටහන් පළකර තිබේ.
 
 
 
Mathara FB 21 
 
 Mathara Isolation
 
 
 
###########
 
දළදා පෙරහැටත් ඥානමෑණියන්ගේ පිහිටයි!
 
චීනයෙන් බැසිල්ට බාල්දියක් ? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්