දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පාසල් ළමුන් ඇතුළු දහස් සංඛ්‍යාත සමීපතමයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාගැනීම
ප්‍රතික්ෂේප කරන දෙමළ මව්වරුන් තම ඥාතීන්ට අත්වු ඉරණම හෙලි කරන ලෙස බලකරමින් උතුරේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
 
සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින මව්වරුන්  2017 වසරේදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට දින 1580 ක් පිරෙන අද දිනයේ මුලතිව් නගරයේදී විරෝධතාවය දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මුඛ ආවරණ පැලද සමාජ දුරස්ථභාවයද ආරක්ෂා කරමින් දියත් කළ උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් කලු පැහැති කොඩිද  ප්‍රදර්ශනය කර තිබේ.
 
 
ශ්‍රී ලංකාවට GSP+ සහනය දීම අත් හිටුවන බවට අනතුරු අඟවමින් යුරෝපා පාර්ලිමේන්තුව විසින් පසුගිය මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවේ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබුණි.
 
 
යුද්ධය නිමා වීමත් සමග තමන් විසින් වට්ටුවාහල් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බාර දුන් නෑසියන්ට අත් වු ඉරණම හෙලි කරන ලෙස මුලතිව් විරෝධතාකරුවන් රජයට බල කර තිබේ.
 
"අපේ නෑයන් කොහේද හංගලා තියෙන්නේ?  අපිට වන්දි එපා!  මරණ සහතික එපා! වට්ටුවාහල් ප්‍රදේශයේදී අපි යුද හමුදාවට භාර දුන් ඥාතීන් කෝ?  පාසල් ළමුන්, දෙමළ තරුණයන් ත්‍රස්තවාදීන්ද?" යනුවෙන් සදහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය දියත් වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
සිවිල් ඇදුමින් සිටි බුද්ධි අංශ නිලධාරීන් විසින් උද්ඝෝෂකයන්ගේ ඡායාරූප ලබා ගන්නා ආකාරය ප්‍රදේශවාසී ජනතාව දැක තිබේ.
 
 
ඉරණම නොදැන අවසන් ගමනේ
 
 
 91018301 gettyimages 598662606 
 
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.
 
රජයේ අත් අඩංගුවේ අතුරුදහන් වූ තම නෑසියන් සොයාදීම වෙනුවෙන් කිසිදු පලදායී කටයුත්තක් නොකළ අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP)  පිළිබඳව උතුරේ මව්වරුන් මීට ඉහතදී දිගින් දිගටම  තම අප්‍රසාදය පල කර තිබුණි.
 
යුද්ධයේ අන්තිම අදියරේදී හමුදාවට භාර වීමෙන් පසු  මේ දක්වා  අතුරුදහන්ව සිටින පිරිස ද යුද්ධයේ දී ම මිය ගිය බවට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා සහ සිංහල කැබිනට් අමාත්‍යවරු නැවත නැවතත් කියන ප්‍රකාශ  ප්‍රශ්න කරන උතුරේ දෙමාපියන් පසුගිය සමයේ  දිගින් දිගටම රජයෙන් ප්‍රශ්න කර තිබුනේ යුද්ධය අවසන් වීමෙන් පසු රජයේ හමුදාවන්ට භාර දී යටත් වූ පිරිස් යුද්ධයෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්නයි.
 
ඒ සම්බන්ධයෙන් රජය මේ වත තෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැත.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධි කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අවදානමක් යුරෝපා යෝජනාවෙන් මතුකර ඇත.
 
 
 
 
###########
The Leader
 
 
දළදා පෙරහැටත් ඥානමෑණියන්ගේ පිහිටයි!
 

චීනයෙන් බැසිල්ට බාල්දියක් ? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්