දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද දහස් සංඛ්‍යාත සමීපතමයන් වෙනුවෙන් යුත්කිය ඉල්ලා සිටින දෙමළ මව්වරුන් චීනය
තමන්ගේ “මිතුරකු නොවන” බව පවසමින් දෙමළ නිජබිමෙන් ඉවත්ව යන ලෙසට බලකරමින් උතුරේදී විරෝධතාවක් දියත් කර තිබේ.
 
සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින මව්වරුන්  2017 වසරේදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට දින 1600 ක් පිරෙන ජුලි 05 සඳුදා දිනයේ වව්නියා  නගරයේදී විරෝධතාවය දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
 රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මුඛ ආවරණ ද පැළද  උද්ඝෝෂණයේ යෙදුන විරෝධතාකරුවන් අත රැදුන ප්‍රධාන බැනරයක සටහන්ව තිබුනේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී දෙමළ ජනයාගේ යුක්තියට එරෙහි වූ චීනය දෙමළ ජනයාගේ මිතුරකු නොවන බවයි.
 
 
WhatsApp Image 2021 07 07 at 9.24.46 AM 
 
“චීනය දෙමළ නිජබිමෙන් ඉත්ව යා යුතුය”යි සඳහන් වූ එම බැනරයේ යුරෝපා සංගමයේ හා එක්සත් ජනපදයේ ධජ සලකුණු තිබෙනු දකින්නට හැකි විය.
 
 
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සඳහා ස්ථිර දේශපාලන විසඳුමක් ස්ථාපිත කිරීමට යුරෝපීය සංගමය, එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුලු  ජාත්‍යන්තර ප්‍රජාව කඩිනමින් මැදිහත් විය යුතු බවත් උද්ඝෝෂකයන් අවධාරණය කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
යුද සමයේත් ඉන් පසුවත්  බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද පාසල් ළමුන් ඇතුළු දහස් සංඛ්‍යාත සමීපතමයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන දෙමළ මව්වරුන් තම ඥාතීන්ට අත්වු ඉරණම හෙලි කරන ලෙස බලකරමින් ජුලි 05 සදුදා මුලතිව් නගරයේදී විරෝධතාවයක් දියත් කර තිබුනි.
 
ශ්‍රී ලංකාවට GSP+ සහනය දීම අත් හිටුවන බවට අනතුරු අඟවමින් යුරෝපා පාර්ලිමේන්තුව විසින් පසුගිය මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවේ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබුණි.
 
 
ඉරණම නොදැන අවසන් ගමනේ
 
 
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ  දියත් කර ඇති අඛණ්ඩ අරගලයට  එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.
 
 
 රජයේ අත් අඩංගුවේ අතුරුදහන් වූ තම නෑසියන් සොයාදීම වෙනුවෙන් කිසිදු පලදායී කටයුත්තක් නොකළ අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP)  පිළිබඳව උතුරේ මව්වරුන් මීට ඉහතදී දිගින් දිගටම  තම අප්‍රසාදය පල කර තිබුණි.
 
යුද්ධයේ අන්තිම අදියරේදී හමුදාවට භාර වීමෙන් පසු මේ දක්වා  අතුරුදහන්ව සිටින පිරිස ද යුද්ධයේ දී ම මිය ගිය බවට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා සහ සිංහල කැබිනට් අමාත්‍යවරු නැවත නැවතත් කියන ප්‍රකාශ ප්‍රශ්න කරන උතුරේ දෙමාපියන් පසුගිය සමයේ  දිගින් දිගටම රජයෙන් ප්‍රශ්න කර තිබුනේ යුද්ධය අවසන් වීමෙන් පසු රජයේ හමුදාවන්ට භාර දී යටත් වූ පිරිස් යුද්ධයෙන් මරණයට පත් වන්නේ කෙසේද යන්නයි.
 
ඒ සම්බන්ධයෙන් රජය මේ වත තෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැත.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම්  ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධි කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අවදානමක් යුරෝපා යෝජනාවෙන් මතුකර ඇත.
 
 
 
##########
THE LEADER TV 
බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් - මන්ත්‍රී වෙන්න පෙර ඇමතිකම 
 
අලුත් සුළඟ ශ්‍රිලනිපය දෙකඩ කරයි!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්