මීළඟ ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පවසයි.
බැසිල් රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් කරවන බව ඔහු අවදාරණය කර සිටියි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදීම සඳහා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා
ප්‍රකාශයට පත්කළේ 'හිරු' රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද ඔහු එහිදී කියා සිටියේය.
20 වන ව්‍යවස්ථා සංශෝධයේදී ද්විත්ව පුරවැසියන්ට අදාල සංශෝධන ගෙනාවේ බැසිල් රාජපක්ෂ ජනාධිපති කරවීමේ අරමුණින් දැයි මාධ්‍යවේදියා කළ විමසීමේදී කැටගොඩ හිටපු මන්ත්‍රීවරයා පැවසුයේ, රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන තැනූ ව්‍යවස්ථාව තම ආණ්ඩුව නිවැරදි කළ බවයි.
ගැසට් නිවේදනය අද
මැතිවරණ කොමිසන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානයට ලක් කෙරෙනු ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කරමින් ඊට අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද දිනයේ නිකුත් කිරීමට නියමිතය.
මුදල් ඇමතිකම ?
ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්වූ වහාම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන බව ජයන්ත කැටගොඩ හිටපු මන්ත්‍රීවරයා ඊයේ ප්‍රකාශකර සිටියද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ මේ දක්වා එවැනි තීන්දුවක් සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවන බවයි.
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ඊයේ රාත්‍රී 10ට පමණ දුරකථන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී ඔහු ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.
ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමක දී බැසිල් රාජපක්ෂ ගේ සමීපතම හිතවතකු පැවසුයේ, බැසිල් රාජපක්ෂ හෙට පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන බවයි.
රටපුරා සැරසිලි :
මේ අතර බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් රටපුරා සැරසිලි හා ප්රචාරක වැඩසටහන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුම් කර ඇතැයි වාර්තාවේ.
කෙසේවුවද කොරෝනා අවදානමක් ඇති කරවමින් මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ, වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කිරීමට රජය විසින් ඊයේ ගනුලැබූ තීන්දුව හා බැසිල් වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිත ප්රචාරක වැඩසටහන් සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.
මේ අතර බැසිලාගමනය වෙනුවෙන් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ජයන්ත කැටගොඩ විසින් සිදුකල පරිත්‍යාගය සම්බන්ධයෙන් බැසිල්වාදීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට ප්‍රණාමය පළකර තිබේ.
තව පොඩ්ඩක් එහේ මෙහේ උනා නම් තමනගේ කරේ යන්න තිබනු කරුමෙකට වෙන එකෙක් පැනලා කරගහනවා දැක්කම දැනෙන සංතෝසේ.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත්කරගන්නා බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය.
###########
බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් - මන්ත්‍රී වෙන්න පෙර ඇමතිකම
අලුත් සුළඟ ශ්‍රිලනිපය දෙකඩ කරයි!
54