පොලිස් ස්ථානයක් තුලදී නීතිඥයකුට පහර දීමට තැත් කරමින් වෘත්තීය කටයුතු වලට බාධා කළ පොලිස් ප්‍රකාශකගේ හිතවතකු ලෙස සැලකෙන පුද්ගලයකු
සහ ඊට අනුබල දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නීතිඥ සංවිධානයක් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
'ජනතා නීතිඥයෝ' සංවිධානය පවසන පරිදි නීතිඥවරයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ෆසීර් සිය සේවාදායකයකු වෙනුවෙන් වෘත්තිය රාජකාරියක් සඳහා ජුලි 4 දින රාත්‍රි 8.30 ට පමණ කොච්චිකඩේ පොලිස්ථානයට ගොස් ඇත.
එහිදී රාත්‍රී 9.00 -9.30 අතර එකී වෘත්තිය රාජකාරිය කරමින් සිටියදී මොහොමඩ් ලාෆීර් හුසේන් මොහොමඩ් ඉමිතියාස් යන පුද්ගලයා පොලිස්ථානයට පැමිණ ඇති අතර ඔහු විසින් උප පොලිස් පරීක්ෂක පී.ආර්.ඒ සිල්වා සහ පොලිස් ස්ථානාධිපති ශ්‍රී නික ජයකොඩි යන නිලධාරීන් ඉදිරිපිටදී ඉහත කී නීතිඥවරයාට බැන තර්ජනය කරමින් අවමන් සහගත ලෙස කටයුතු කරමින් පහර දීමට උත්සාහ කර තිබේ.
'ජනතා නීතිඥයෝ' සංවිධානයේ විධායක සභික නීතිඥ සේනක පෙරේරා පොලිස්පතිවරයාට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ එම තර්ජනය කිරීම සහ පහර දීමට උත්සාහ කිරීම ඉහත පොලිස් නිලධාරීන් ඉදිරියේ සිදු කරනු ලැබුවද කිසිදු නිලධාරියකු විසින් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවයි.
"ඉහත කී නීතිඥවරයා විසින් එදිනම එනම් 2021.07.04 වන දින ඒ සම්බන්ධයෙන් 155/58 c (1) යටතේ පැමිණිල්ලක් උප පොලිස් පරීක්ෂක ජයවර්ධන ඉදිරියේ සිදු කර ඇත. "
නීතිඥ සේනක පෙරේරා පොලිස්පතිවරයාට තව දුරටත් දැනුම් දී ඇත්තේ එම පැමිණිල්ල සිදු කිරීමෙන් පසු තමන් උසස් පොලිස් නිලධාරීන් හදුනන බව ප්‍රකාශ කරමින් එම පුද්ගලයා නැවත නීතිඥවරයාට තර්ජනය කර ඇති බවයි.
" තවද මෙම පැමිණිල්ල සිදු කිරීමෙන් පසු ඉහත කී බාහිර සිවිල් පුද්ගලයා එම පොලිස් ස්ථානයට නැවත පැමිණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන යන අයවළුන් තමා හොදින් දන්නා බවත් තමාට නිසි ආරක්ෂාවක් එමගින් ඇති බවත් පවසමින් තවදුරටත් තර්ජනය සිදු කොට ඇත."

නීතිඥ සේනක පෙරේරා
'ජනතා නීතිඥයෝ' සංවිධානයේ විධායක සභික නීතිඥ සේනක පෙරේරා පොලිස්පතිවරයාට පෙන්වා දී ඇත්තේ ඉහත ක්‍රියාව පොලිස් ස්ථානයකදී වෘත්තීය කටයුතු කරගෙන යෑම සදහා නීතිඥවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහිත අංක 1758/31සහ 2012 මැයි 18 වන දිනැති නිවේදනයේ සදහන් කොට ඇති ප්‍රතිපාදනයන්ට සම්පුර්ණ පටහැනිව ක්‍රියා කිරීමක් බවයි.
" මෙසේ පොලිස් ස්ථානයක් තුළ නීතිඥවරයෙකුගේ වෘත්තිය කටයුතු වලට බාධා කරමින් අවමන් සහගත හැසිරීම සහ තර්ජනය කිරීම මගින් පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඒවාට විරුද්ධව කටයුතු කිරීම සදහා හැකියාව තිබියදී මෙසේ තමන්ට පැවරුණු නෛතික වගකීම එකී පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පැහැර හැර ඇත. "
එසේ පැහැර හරිමින් නීතිඥ එම්.එන්.එම් ෆසීර් ට තර්ජනය කිරීමටත් පහර දීමට උත්සාහ කිරීමටත් වෘත්තිය කටයුතු වලට බාධා කිරීමටත් පොලිස් නිලධාරීන් විසින් අනුබල දීමක් සිදු කර ඇති බවයි 'ජනතා නීතිඥයෝ' සංවිධානය පෙන්වා දෙන්නේ.
" එම අවස්ථාවේ අදාල බාහිර පුද්ගලයා එසේ හැසිරෙත්දීත් ඔහුව අත්අඩංගුවට නොගැනීමෙන් එය තවදුරටත් පැහැදිලි වේ."
එබැවින් ඉහත සිදුවීම සම්බන්ධයෙන් වහාම පුර්ණ විමර්ශනයක් සිදු කර අදාල නිලධාරීන් හා වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනතා නීතිඥයෝ සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
##########
THE LEADER TV
බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් - මන්ත්‍රී වෙන්න පෙර ඇමතිකම
අලුත් සුළඟ ශ්‍රිලනිපය දෙකඩ කරයි!