සිරස මාධ්‍ය ජාලයට එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
 
විපක්ෂ නායකවරයා සිය විශේෂ ප්‍රකාශයේදී අවධාරණය කර සිටියේ, රජයේ ඉහළ පෙළ කණ්ඩායමක් නීතිඥවරුන් ද ඒකරාශී කර ගනිමින් සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය කුමන හෝ නීතිමය තත්ත්වයක් තුළ අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට විශ්වසනීයව දැන ගන්නට ලැබී ඇති බවයි.
 
විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, සිරස මාධ්‍ය මර්දනය කිරීමට කටයුතු නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවයි.
 
ආණ්ඩුව අද මාධ්‍යවලට එරෙහිව දැවැන්ත මර්දන ක්‍රියාවලියක් අරඹා ඇතැයි ද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය.
 
 
 
 
කෙසේ වෙතත් අදාල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ සිදුනොවන බවයි.
 
කිසිදු මාධ්‍ය ආයතනයට එරෙහිව මර්දනකාරී ක්‍රියාවක් වත්මන් රජය සිදු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.
 
 
''මර්දනය සම්බන්ධයෙන් වාර්තා තබා ඇති නායකයන් ''
 
 
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයෙන් පසුව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේ, මේ ආණ්ඩුවේ සිටින්නේ මර්දනය සම්බන්ධයෙන් වාර්තා තබා ඇති නායකයන් බවයි.
 
 
 
 
 
 
''අතිශය දුශ්ට හා සාපරාධී ක්‍රියාවක්'' - කරු ජයසුරිය 
 
 
මේ අතර, 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සිරස මාධ්‍ය ආයතනය දුර්මුඛ කිරීමට, අවහිර කිරීමට, තහනම් කිරීමට හෝ විනාශ කිරීමට යම් දුර්දාන්ත ක්‍රියාමාර්ගයක් දියත්වෙමින් පවතින බව විපක්ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ප්‍රකාශවලින් පැහැදිලි වන බවයි.
 
එවැන්නක් සිදුවේ නම් එය සැලකිය හැක්කේ අතිශය දුශ්ට හා සාපරාධී ක්‍රියාවක් බවත්,  ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි දුර්දාන්ත ක්‍රියාමාර්ගයක් බවත් එම සංවිධානයේ සභාපති කරු ජයසුරියගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ සඳහන් වේ. 
 
ජනතාවගේ කතා කිරීමේ නිදහස ද ඇතුළුව තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම උදෙසා මේ වන විට සැලසුම් කරමින් සිටින්නේ යැයි කියන නිර්ලජ්ජිත සූදානම පිළිබඳව බරපතළ ලෙස අවධානය යොමු කරන තම සංවිධානය, එවැනි ඕනෑම උත්සාහයක් පරාජය කිරීම සඳහා අධිෂ්ඨානශීලීව පෙරට එන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියි.
 
 
එහි තවදුරටත් මෙසේද දැක්වේ.
 
5dd6c6bd 8682c2b4 f6065fca karu jayasuriya 850x460 acf cropped 850x460 acf cropped 
''මාධ්‍ය නිදහස යනු රටේ ජනතාවට ඇති අදහස් පළ කිරීමේ නිදහසයි, තොරතුරු දැනගැනීමට ඇති අයිතියයි, බියකින් හෝ සැකයකින් තොරව මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට තම කටයුතු ඉටුකිරීමට ඇති අයිතියයි. - කරු ජයසුරිය 
 
'' අතීතයේදී එම අයිතීන් අහිමි කර ඇත්තේ අශිෂ්ට පාලන තන්ත්‍රයන් විසිනි. ඒකාධිපති, අත්තනෝමතික පාලකයන් විසිනි. එහෙත් ඒ සෑම උත්සාහයක්ම ලොව පුරා සිටින ශිෂ්ට සම්පන්න ජනතාව විසින් අවසානයේදී පරාජයට පත් කර තිබේ. මේ රටේ මාධ්‍ය මර්දනය කිරීම සඳහා සූදානම් වන කවර හෝ මට්ටමක බලවතෙකු වුවද ඒ බව ප්‍රථමයෙන්ම තේරුම් ගත යුතුව තිබේ.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' මෙම කරුණ අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ගරු විපක්ෂ නායක තුමා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ඉතාමත්ම වගකීමකින් යුක්තව හෙළි කරන ලද කරුණු සැලකිල්ලට ගෙනය. 
 
ඔවුන් එම ප්‍රකාශ සිදු කරනු ලද්දේ රටේ පාර්ලිමේන්තුව හමුවේය. 
 
ඒ අනුව සිරස මාධ්‍ය ආයතනය දුර්මුඛ කිරීමට, අවහිර කිරීමට, තහනම් කිරීමට හෝ විනාශ කිරීමට යම් දුර්දාන්ත ක්‍රියාමාර්ගයක් දියත්වෙමින් පවතින බව පැහැදිලි වෙයි. එවැන්නක් සිදුවේ නම් එය සැලකිය හැක්කේ අතිශය දුශ්ට හා සාපරාධී ක්‍රියාවක් ලෙසටය. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි දුර්දාන්ත ක්‍රියාමාර්ගයක් ලෙසටය.
 
ජනතාවට අවම හෝ ගරුත්වයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන කිසිදු පාලනයක් වෙතින් හෝ එවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකිය.
 
 
 
රටේ පැවැති අඳුරු අතීතය...
 
 
police investigator at the scene of the crime
 
 
 
අප මේ පිළිබඳව වඩාත්ම තැතිගන්නේ මේ රටේ පැවැති අඳුරු අතීතය කිසිසේත්ම අමතක කළ නොහැකි හෙයිනි. අප ගෙවා ඇත්තේ ඉතාමත්ම අඳුරු වූ අතීත කාල පරිච්ඡේදයකි. 
 
මාධ්‍යවේදීන් අමු අමුවේම  මහදවාලේ මරා දමා ඇති යුගයක් අප පසු කර තිබේ. 
 
සිරස ආයතනයට ක්ලේමෝ බෝම්බ අටවා සංවිධානාත්මක ලෙස විනාශ කරන ලද අතීතයක් අප පසු කර තිබේ. 
 
සියත, සන්ඩේ ලීඩර්, ලංකා ඊ නිවුස් වැනි ආයතන විනාශ කිරීමට ගනු ලැබූ බිහිසුණු උත්සාහයන් කිසිවෙකු හෝ අමතක කළ යුතු නැත. 
 
මාධ්‍යවේදින්ට අමානුෂික ප්‍රහාරයන් එල්ල කරමින් සිදු කරන ලද නින්දිත ක්‍රියාමාර්ග අද වන විට ලෝකයටම රහසක් නොවේ. 
 
එවැනි අති බිහිසුණු අතීතයක් හිමි අප රට නැවත එවැනි යුගයකට රැගෙන යාම සඳහා කවරෙක් හෝ උත්සාහ කරන්නේ නම් එය ආරම්භයේදීම පරාජයට පත්කිරීමේ වගකීම ඇත්තේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ටය. ඒ අනුව සියලුම භේද අමතක කරමින් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්සත්ව පෙරට ආ යුතුව තිබේ.
 
 
 
දේශපාලන ක්‍රියාධරයන් අත්අඩංගුවට :
 
 
 

ඉංජිනේරු සංස්ථා සේවක උද්ඝෝෂණ අතරතුර දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අත්අඩංගුවට

 
 
ඒ සමගම ජනතාවගේ ප්‍රශ්න හා දුක් ගැනවිලි වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ක්‍රියාධරයන් අත්අඩංගුවට ගනිමින් සිටින ප්‍රවණතාවයක් ද මේ වන විට නිර්මාණය වී ඇත. 
 
ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයන් අත්අඩංගුවට ගෙන තිබීම පිළිබඳවද අප බලවත් අවධානයක් යොමු කළ යුතුව ඇත. 
 
එම සිදුවීම් සැලකිය හැක්කේ මේ රටේ නීතිය අවභාවිතා කරමින් ජනතාවගේ හඬ මර්දනය කිරීම සඳහා ගනිමින් සිටින දුර්දාන්ත උත්සාහයන් ලෙසටය.
 
ඒ අනුව අප මේ රටේ යුක්ති ගරුක ජනතාවගෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී සියලුම බලවේගයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට වෙළා ගනිමින් මතු වෙමින් පවතින මෙවැනි බිහිසුණු අඳුරු වළාවන් පළවා හැරීම සඳහා පෙරට එන ලෙසටය. කොන්දේසි විරහිතව අත්වැල් බැඳ ගන්නා ලෙසටය. ''
 
 
 
##########
THE LEADER TV 
 
බැඳුම්කර අරක්කු බ්ලොක් කලේ අධිකරණය හරහා නිත්‍යානුකුල කරන්නද ?
 
 
බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් - මන්ත්‍රී වෙන්න පෙර ඇමතිකම 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්