1200 x 80 DMirror
 
 

බැසිල් රාජපක්ෂ ද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.
මේ අතර නව අමාත්‍යංශයක් ගැසට් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
 
  ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ලෙස මෙම නව අමාත්‍යංශය නම් කර ඇති බව ගැසට් නිවේදනයේ සඳහන්.  
 
බැසිල් මන්ත්‍රී වෙන්නත් පෙර ඇමතිවරයෙක් වෙයි
 
 
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම අද පෙරවරුවේ සිදුවීමට නියමිතව ඇත.
 
 පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 10 ට ආරම්භ වීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතය.
 
පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 09 වන අසුන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කරයි.
 
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 07 වන සහ 08 වන අසුන් වෙන් වන්නේ අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාටයි. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයාට දකුණු පසින් පිහිටි අසුන හිමිවේ.
 
මේ අතර තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා හිමි වූ අවස්ථාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබිණ.
 
 මෙම තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා වූ රජයේ අප්‍රතිහත ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කර පොදු ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බව එහි සදහන් කර තිබිණ.
 
 
අදාළ ගැසට් නිවේදනය පහතින්,
 
 
 
Page 5 BR 2021 3WhatsApp Image 2021 07 08 at 9.14.56 AM 1
 Page 5 BR 2021 2
 
 
Page4 2021 BR
WhatsApp Image 2021 07 08 at 9.14.54 AM 1
 
                                   
 
##########
THE LEADER TV 
බාලවයස්කාර දැරියක් මිලට ගත් ලුතිනන් කමාන්ඩර් ! 
 
 
බැඳුම්කර අරක්කු බ්ලොක් කලේ අධිකරණය හරහා නිත්‍යානුකුල කරන්නද ?
 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්