කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන වසරකට වැඩි කාලයක් හිරගත කරන ලද මුස්ලිම් කවියකුගේ නිදහස ඇතුළු මූලික
අයිතිවාසිකම් තහවුරු කර දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමෙන් නඩු  විභාග කිරීම නැවතත්  කල් දමා තිබේ.
 
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඒ බව දැනුම් දී ඇත්තේ එම  මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි 6 අගහරුවාදා  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
 
මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට තරුණ කවියකු වන අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය විල්සන් ජයසේකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කර ඇත්තේ, කවියා අත්අඩංගුවට ගත් දිනය සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අධ්‍යක්ෂවරයාගේ නම පෙත්සමේ වැරදි ලෙස සටහන්ව තිබීම හේතුවෙන්, එය නිවැරදි කර නැවත ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් නියෝග කළ බවයි.
 
අහ්නාෆ් ජසීම් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ, ඔහු අත්අඩංගුවට ගත් දිනය ලෙස  2021.05.16 ලෙස සඳහන් කර ඇතත්, නිවැරදි දිනය 2020.05.16 බවත්, පෙත්සමේ 3 වන වගඋත්තරකාර TID හි අධ්‍යක්ෂවරයාගේ නම "ප්‍රසාන්ත ද සිල්වා" ලෙස සඳහන් කර ඇතත් එය "ප්‍රසන්න ද අල්විස්" ලෙස නිවැරදි විය යුතු බවත්, පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, තමන් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීමට කටයුතු කරන බව අධිකරණය වෙත දන්වා තිබේ.
 
  
මේ අනුව, එම වැරදි නිවැරදි කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ අධිකරණය, අද සිට සති දෙකක කාලයක් තුළ, (ජූලි 20 දා දක්වා) නීතිපතිවරයාට තම සීමිත විරෝධතා ගොනු කරන ලෙස නියෝග කර තිබේ.
 
 
එසේම ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරු හට ප්‍රති-විරෝධතා ඇත්නම්, එතැන් සිට සතියක් ඇතුලත (එනම් ජූලි 27 වන විට) එම ප්‍රති-විරෝධතා ගොනු කරන ලෙසට ද නියෝග කර තිබේ.
 
ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා  යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව, 2021 අගෝස්තු 04 වැනි දින දක්වා කල් තබා තිබේ.
 
අහ්නාෆ් ජසීම්ට එරෙහි TID නඩුව:
 
 
Ahnaf Jazeem Nawarasam Sri lanka  
 
මේ  අතර අහ්නාෆ් ජසීම්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබු නඩුව ද ජුලි 6 වැනි  අගහරුවාදා දින කැදවා ඇති අතර, එය ජූලි 13 වන දිනට කල් තබා තිබේ.
 
එම නඩුවාරයේදී, අහ්නාෆ් කවියා මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කළ යුත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (1) වගන්තිය යටතේ ද නැතිනම්, 7 (2) වගන්තිය යටතේද යන්න සම්බන්ධයෙන් සහ අහ්නාෆ්ට එරෙහිව ඇති සාක්ෂි වල සාරාංශයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුද යන්න සම්බන්ධයෙන්ද නියෝග නිකුත් කිරීමට නියමිත බව නීතිඥ සංජය විල්සන් ජයසේකර සදහන් කරයි.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අහ්නාෆ් කවියා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතත්, එහි 7 (1) වගන්තිය යටතේ ඔහු ඉදිරිපත් කළ යුතුව තිබූ බවත්, එසේ වූයේ නම් නඩුව විභාග වෙමින් පවතින අතරතුර සැකකරු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයාට අභිමතයක් ලැබෙන බව අවධාරණය කරන  නීතිඥ සංජය විල්සන් ජයසේකර, එසේ නීතිපති අභිමතය පරිදි සැකකරුට යම් සහනයක් ලැබීමට ඇති ඉඩ අවහිර කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් වැරදි ලෙස, හිතාමතාම සහ ද්වේෂ සහගත ලෙස මෙසේ ක්‍රියා කර ඇති බව  පසුගිය නඩුවාරයේදී පෙන්වා දී තිබුනි.
 
එහිදී ඔහු තවදුරටත් අවධාරණය කර තිබුනේ, එමගින් නීතිය වැරදි ලෙස නිරූපණය කර අධිකරණය නොමඟ යැවීමක් සිදුකර ඇති බවයි.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
 
##########
THE LEADER TV 
බාලවයස්කාර දැරියක් මිලට ගත් ලුතිනන් කමාන්ඩර් ! 
 
 
බැඳුම්කර අරක්කු බ්ලොක් කලේ අධිකරණය හරහා නිත්‍යානුකුල කරන්නද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්