පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) යෝජනා කල සභාපතිවරයාව වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද සභාපති වරයෙක් පත් වී තිබේ.
එම සභාව සඳහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අද (08) පැවති රහස් ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරන ලද අරවින්ද නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඡන්ද 16 ලබාගනිද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර නිර්දේශ කර තිබු බමුණුසිංහ මන්ත්‍රීවරයා ඡන්ද 20 ක් ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 18ක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 11ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 07 සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් (01) පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ නියෝජිතයින් ලෙස කටයුතු කරයි.
පඬුවස්නුවර ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරගේ ඡන්ද බල ප්‍රදේශය වන අතර එම මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායකවරයා වන්නේ ගුණපාල රත්නසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.
පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස අරවින්ද නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නම නිර්දේශකර ඇත්තේ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රත්නසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසිනි.
##########
THE LEADER TV
දයාසිරි ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි ද?
බාලවයස්කාර දැරියක් මිලට ගත් ලුතිනන් කමාන්ඩර් !