ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්ගලික) සමාගම පොදු ව්‍යාපාර පිළිබඳ  කමිටුවට කැඳවීමටත් රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ
සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.
 
මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ (කෝප්) කමිටුව ජුලි 07 බදාදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට එම  උපදෙස් ලබා දී ඇත.
 
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ විසි වැනි සංශෝධනයට අනුව 'ලිට්රෝ ගෑස්' ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්ගලික) සමාගම රජයේ විගණනයට ලක් කළ නොහැකි බව සඳහන් කරමින් ඔවුන් අධිකරණයට ගොස් තිබෙන බැවින් මෙම ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් වැලකී සිටීම සුදුසු බව කෝප් කමිටුවේ සභාපතිවරයාගේ මතය වී තිබේ.
 
මේ අනුව රාජ්‍ය විගණනයට ලක් නොවන නිසා මෙම ආයතන දෙක කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව නොලැබෙන බවත් මේ නිසා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ නොහැකි බවත් එහිදී මහාචාර්ය චරිත හේරත්  පැහැදිලි කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
 
නමුත් කෝප් කමිටුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ මෙම ආයතන දෙකේ කොටස් වලින් 99% ක අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු වන බැවින් මෙම ආයතන රජයේ විගණනයට ලක් විය යුතු බවයි.
 
එම නිසා එම ආයතන කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව සැලසිය යුතු බව කෝප් කමිටුවට සහභාගී වී සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.
 
 
 
 
02 
 
කෝප් කමිටුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය පළ කිරීම නිසා ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්ගලික) සමාගම කමිටුව හමුවට කැඳවීම ඉක්මනින් සිදු කරන ලෙස එම කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
 
99% කොටස් හිමි ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මේ සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට හැකි අතර  ඒ වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණ සහ කටයුතු ඉක්මනින් සිදු කොට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් එහිදි  වැඩිදුරටත් පෙන්වා දී ඇත.
 
 
 
පවතින  නීතිමය තත්ත්වයේදී ලිට්රෝ සමාගම වෙනුවෙන් කවර නීතිඥ සමාගමක් අධිකරණය වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න සහ ඒ වෙනුවෙන් කෙතරම් මුදලක් වැය වනවාද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ගෙන් එහිදී ප්‍රශ්න කර තිබේ.
නමුත් ලිට්රෝ සමාගමේ නිලධාරීන් මෙහි නොමැති බැවින් ඒ සඳහා තමන්ට පැහැදිලි උත්තරයක් ලබා දීමට නොහැකි බවට  සභාපති වරයා පිළිතුරු ලබාදී ඇත.
 
මන්ත්‍රීවරයා එහිදී සදහන් කර ඇත්තේ මෙවැනි තත්වයක් යටතේ වුවද මෙම ලිට්රෝ සමාගම කෝප් කමිටුවට කැඳවීමට අවශ්‍ය බව පැහැදිලි වන හෙයින් මෙම කාරණය විධිමත්ව ඉක්මනින් සිදු කළ යුතු බවයි.
 
එම ආයතන නොකැදවා එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට පිළිතුර ලබා දීමට නොහැකි බැවින් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.
 
ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ නිලධාරීන් ලිට්රෝ සමාගමේ කොටස් සම්බන්ධයෙන් තමන් වගකීමක් දැරුව ද එහි පරිපාලනය සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවත් එම කොටස් සම්බන්ධයෙන් තමන්ට පාඩුවක් වන්නේ නම් එම කොටස් විකිණීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
 
මෙම කමිටු රැස්වීම සඳහා  අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඉන්දික අනුරුද්ධ, අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, එස්. එම්. මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, රවුෆ් හකීම් හර්ෂ ද සිල්වා ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ප්‍රේමනාත්, ප්‍රේමනාත් සී. දොලවත්ත යන සහභාගි වී ඇත.
 
 
 
##########
THE LEADER TV 
ගෝඨා නමට විතරයි: අනාගත ජනාධිපති අපේක්ෂක වැඩ බාර ගනී! 
 
දයාසිරි ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි ද?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්