ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් බහුතරයක් විසින් යෝජනා කර තිබේ.
 
පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මාධ්‍ය කාරක සභා රැස්වීමේදී මෙම අදහස ඉදිරිපත්ව තිබේ.
 
එහිදී දැඩි ආවේගයකින් යුතු අදහස් දක්වා ඇති ඇතැම් මධ්‍යම කාරක සභිකයින් අදම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමට තීන්දුවක් ගෙන, හෙට උදැසන රටහමුවේ ප්‍රකාශයට පත්කළ යුතු බව අවධාරණය කර ඇත.
 
ආණ්ඩුවේ බලධාරීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිලි දැක්වීම සම්බන්ධයෙන් කරුණු එකින් එක ගෙන අදහස් දක්වා ඇති ඇතැම් මධ්‍යම කාරක සභිකයින්, බැසිලාගමනයත් සමග තත්ත්වය තවදුරටත් බරපතලවීමේ අවදානම පැහැදිලිකර තිබේ.
 
  
මෙහිදී අදහස් දක්වා ඇති බොහෝ මධ්‍යම කාරක සභිකයින් පවසා ඇත්තේ, බැසිලාගමනයත් සමග ආණ්ඩුව ජනතාව අතර තව දුරටත් අප්‍රසාදයට ලක්වන බවත් එවැනි තත්වයක් තුළ ආණ්ඩුවේ සිටීම පක්ෂයේ හෝ පාක්ෂිකයින්ගේ කිසිඳු සෙතක් නොවන බවයි.
 
 
මෙහිදී ඇතැම් මධ්‍යම කාරක සභිකයින් පවසා ඇත්තේ, ආණ්ඩුවෙන් එලියට යාම අනිවාර්යයෙන් සිදුකල යුතු නමුත් මෙය එයට වේලාව නොවන බවයි. කලබලවී තීන්දු ගැනීම පක්ෂයට හානිකර බව පෙන්වා දී ඇති ඔවුන් මිට ඉහතදී මහින්ද රාජපක්ෂට සහයදීමට ගත් ක්ෂණික තීන්දුව නිසා පක්ෂයට බලවත් හානියක් සිදුවූ බව පැහැදිලිකර තිබේ.
 
මෙවැනි අවස්ථාවක ආණ්ඩුවෙන් එලියට පැමිණියහොත් පක්ෂ නායකයින් හිරේ විලංගුවේ දැමීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කිරීම අනිවාර්ය බැවින් වේලාව එනතුරු උපක්‍රමිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇතැම් මධ්‍යම කාරක සභිකයින් පෙන්වා දී ඇත.
 
එම තත්ත්වය තුල වහාම ජනතාව අතරට යමින් පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු සිදු කළ යුතු බවටත්, පක්ෂයේ සංවිධාන කටයුතු වේගවත් කළ යුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගෙන ඇත.
 
මෙහිදී ආණ්ඩුවේ දේශපාලනයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවය අවදාරණය කරමින් මහචාර්ය සෝමරත්න දිසානායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, කථිකාචාර්ය ධම්ම දිසානායක ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දක්වා ඇත.  
 
මෙහිදී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ, ආණ්ඩුවෙන් ඉවත්වීමට හදිසි තීන්දුවක් නොගෙන පක්ෂය ජනතාව අතරට ගෙනයාමට මුලිකත්වය දෙමින් කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.
 
 
 
විකල්ප කණ්ඩායමක් හැදීමට අනුමැතිය ඉල්ලයි :
 
 
පක්ෂය තුළ විකල්ප කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඇතම් මධ්‍යම කාරක සභිකයින් ඉල්ලීම් කර තිබේ.
 
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බහුතරයක් එසේ ආණ්ඩුවෙන් ඉවත්වීමේ අවශ්‍යතාවය අවදාරණය කරමින් අදහස් ඉදිරිපත් කරද්දී, ආණ්ඩුවේ වරප්‍රසාද ලබන පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමස්ත රැස්වීම පුරාම නිහඬව සිටීම විශේෂ කාරණයක් වී ඇත. 
 
මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු තීරණ මත පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදී ඇත. 
 
  
මධ්‍යම කාරක සභාව යනු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නොවන බව සඳහන් කර ඇති ධම්ම දිසානායක, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුත්තේ මධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණ අනුව බව අවදාරණය කර තිබේ.
 
##########
THE LEADER TV 
 
ගෝඨා නමට විතරයි: අනාගත ජනාධිපති අපේක්ෂක වැඩ බාර ගනී! 
 
 
දයාසිරි ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි ද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්