මෙරටට ඉන්ධන රැගෙන ආ නෞකාවක් එම ඉන්දන තොග වෙනුවෙන් ගෙවීම් පිලිබඳ ගැටළුවක් මතුවීම නිසා දින කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැම්ගුරම් ලාගෙන සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ
අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එම නෞකාවෙන් ගෙන ආ ඉන්දන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45ක මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවියයුතු විය.
 
ඉහත ආරංචිමාර්ග වලට අනුව, ජුලි 05 දා මෙරටට පැමිණි එම ඉන්දන නෞකාවට ගෙවීම් පිලිබඳ තහවුරුවක් ලැබී ඇත්තේ අද (09) පස්වරුවේ දී ය.
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය කාලයේ ආනයනය කර ඇති ඉන්දන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ගෙවියයුතු අතර එම ගෙවීම් සිදුකිරීමට අදාල දිනවකවානු අසන්න වෙමින් තිබේ.
 
එම තත්ත්වය තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේදිනවල විදෙස් සංචිත සොයාගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටියි.
 
අදට උවමනා ඉන්ධන ටික මිලට ගැනීමටවත් විදේශ විනිමය නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය ජුනි 15 දා පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
 
 අද ගන්නා ඉන්ධන සඳහා මුදල් ගෙවන්නේ තවත් මාස 06 කින් හෝ 09කින් යැයිද ඔහු සඳහන් කළේය.
 
 
 
 
##########
THE LEADER TV 
 
 
අයියලා මල්ලිලා පුත්තු ඇමතිකම් බෙදා ගනී !
 
 
ගෝඨා නමට විතරයි: අනාගත ජනාධිපති අපේක්ෂක වැඩ බාර ගනී! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්