නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ රසායනික පොහොර ආනයනය කිරීමට තීන්දු කර ඇතැයි ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති වාර්තාවල කිසිඳු පදනමක් හෝ සත්‍යතාවයක් නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි එබව අවදාරණය කර සිටියේ, රසායනික පොහොර ගෙන්වීමට නව මුදල් ඇමැති බැසිල් තීන්දු කර ඇතැයි වෙබ් අඩවි කිහිපයක පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල විමසීමකදීය.
රට තුළ අවශ්‍ය තරම් කාබනික පොහොර නිපදවන තුරු සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනයට මෙලෙස ඉඩ දී ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති 'එමනිසා' වෙබ් අඩවිය ද වාර්තා කර තිබේ.
ඒ අතර රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කිරීමටත් එම ඉලක්කය සපුරා ගත් පසු රසායනික පොහොර ආනයනය නතර කිරීමටත් තීන්දු කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වුව ද ජනාධිපතිවරයා මෙයට පෙර අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රසායනික පොහොර ආනයනය නතර කිරීමේ තීන්දුව අහෝසි නොකරන බව ය.
එම පුවත්වාර්තා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා, කුමන තත්ත්වයක් යටතේ හෝ රසායනික පොහොර ගෙවීමට ඉඩ නොදීමට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගෙන ඇතැයි කියා සිටියේය.
'' රජය රසායනික පොහොර ගෙන්වන ස්ථාවරයක නැහැ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර ගෙන්න යනවා කියන කතාව මුළුමනින්ම අසත්‍යයි. පදනම් විරහිතයි '' ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය.
##################
THE LEADER TV
අගමැතිට විෂ් කරන්න ගිය තිස්ස මදිනොකියන්න අහගනි!
බැසිල් එක්ක බෑ : ශ්රීලනිපය ආණ්ඩුවෙන් දොට්ට...?