අගමැති මහින්ද රාජපක්ෂ විසින් මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂට ලබා දුන්නේ
ආර්ථිකය හැසිරවීමට ඔහුට ඇති හැකියාව නිසා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
 
කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
 

 
 
 
නරියට කුකුල් කොටුව දීමට සමානයි
 
 
කෙසේවුවද ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියන් පැවසුයේ, රටේ අරමුදල් බැසිල් රාජපක්ෂ හට භාරදීම නරියාට කුකුල් කොටුව භාර දීමට සමාන බවත් ඔහුගේ පාලනය අවසන් වන විට එම අරමුදක් වල මුදල් අතුරුදන්ව පවතිනු ඇති බවත් ය,
 

 
 
 
'මට තෙල් මිල අඩු කරන්න බෑ' – බැසිල්
 
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයට පත්වූ සැනින් ඉහල දැමු ඉන්දන මිල යළි පහත දමනු ඇති බවටත් බඩුමිල අඩුකරනු ඇති බවටත් බැසිල්වාදී මැති ඇමතිවරුන් පසුගිය සති කිහිපයේම මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබිණ. 
 
ඇමරිකාවට ගොස්සිටි බැසිල් රාජපක්ෂ පසුගියදා යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ද කටුනායක ගුවන් තොටුපලේ සිට මාධ්‍ය අමතමින් එම කාරණය අවදාරණය කළේය. 
 
cvcvfff 
 
කෙසේවුවද බෙල්ලන්විල රජමහ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නියැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ, ''බැසිල් රාජපක්ෂ සිටියේ නම් තෙල් මිල ඉහළ නොයනු ඇතැයි පැවසීම වැසි වැස්සොත් ගඟ ගලාවි වැනි ප්‍රකාශයක්'' බවයි. 
 
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා ඛනිජ තෙල් මිල ඉහළ යාමත් සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසක් විසින් බැසිල් රාජපක්ෂ සිටියේ නම් මිල ඉහළ නොදමනු ඇති බවට සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේ ය.
 
සමස්ත ආර්ථිකය පිළිබඳ තක්සේරුවකින් පසු තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගනු ඇතැයි ද බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 

 

 


 

THE LEADER TV
 
 

ගෝඨා සේරම දමල ගහල යයි ද?

 
 
මාස තුනකින් වැටෙන හැටි මංගල පහදයි! - බැසිල්ට ලිපියක්!
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්