වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ සිදු කරන ලද වැලිකඩ සිරකරු සමුහ ඝාතන සිද්ධිය ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකරුවකුට යලිත් වරක් ජීවිත තර්ජන එල්ල වී ඇති බව 'සිරකරු අයිතිවාසිකම්
සුරැකීමේ කමිටුව' පවසයි.
 
එම සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ සුදේශ් නන්දිමාල් සිල්වා වාසය කරන මාලිගානත්ත, ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාසයේ පිහිටි නිවස වෙත  ජුලි 07 වැනි දින  නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඔහු යන එන ස්ථාන සම්බන්ධයෙන් අසල්වාසීන්ගෙන් විමසා ඇති අතර  ඔහුට ඉදිරියේදී ජීවිත තර්ජනයක් සිදු කිරීමට සුදානම් වන බවට හැඟවෙන ආකාරයට එකී පුද්ගලයන් ප්‍රකාශ කර ඇති බවත්ය.
 
 sudesh Nadimal
                        සුදේශ් නන්දිමාල් සිල්වා
 
 
 
එසේම සුදේශ් නන්දිමාල් සිල්වා දැනට වසර 15ට පමණ පෙර පදිංචි වී සිටි ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ඥාති නිවාසවලට ද ගොස් නාදුනන පුද්ගලයන් පිරිසක් විසින් ඔහු ගැන කරුණු සොයා ඇති බවයි නීතිඥවරයා වැඩි දුරටත් පවසන්නේ.
 
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පොලීසියට පැමිණිලි කර ඇති බව 'සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව' සදහන් කරයි.
 
"මේ සම්බන්ධයෙන් එදිනම (2021.07.07) දෙමටගොඩ පොලිස් ස්ථානයට CIB 1/117/42 යොමු අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත. එසේම එකී පැමිණිල්ල යටතේ ඉහත සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු විසින් ප්‍රකාශ ලබා දී තිබේ."
 
 
 118588897 4e7eda54 beba 40f1 9032 dfa6300b03b3
                         නීතිඥ සේනක පෙරේරා
 
 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතී නීතිඥ සේනක පෙරේරා තව දුරටත්  පවසන්නේ එම ස්ථානයේ CCTV දර්ශන ඇතුළත් වීඩියෝපටය පොලිස් විමර්ශන සදහා ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.
 
 
 
මෙසේ පැමිණ, සුදේශ් නන්දිමාල් සිල්වාගේ ජීවිතයට අනතුරක් කිරීමට උත්සාහ කරන අය කවුරුන්ද සහ ඔවුන් කාගේ උවමනාවට ක්‍රියාත්මක වන්නේද යන කරුන කඩිනමින් සොයා ගෙන ඔහුගේ ජීවිත ආරක්ෂාව වහා තහවුරු කළ යුතුව ඇතැයි 'සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව' අවධාරණය කරයි.
 
නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ 2012 වැලිකඩ බන්ධනාගාරයේ සිදු වු සිරකරු සමුහ ඝාතන සිද්ධියේ සාක්ෂිකරුවෙක් වීමත් රජයේ අසාධාරණ සහ අයුක්ති සහගත කටයුතු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ විවේචනය කිරීමත් නිසා මීට පෙරද සුදේශ් නන්දිමාල්ට විවිධ තර්ජන එල්ල වී තිබු අතර එවකට ඔහු තාවකාලිකව නැවතී සිටි මොරටුව පිහිටි ඔහුගේ සහෝදරියගේ නිවසට නාදුනන පිරිසක් විසින් වෙඩි තැබීමක්ද සිදු කළ බවයි.
 
ජීවිත තර්ජන එල්ල වී තිබෙන සුදේශ් නන්දිමාල් සිල්වා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් වශයෙන්ද කටයුතු කරයි.
 
2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ සිරගෙදරට සන්නද්ධ රජයේ ආරක්ෂක හමුදා භට පිරිස් කඩා වැදීමෙන් අනතුරුව රැඳවියන් 27 දෙනකු සමුහ ඝාතනයට ලක් වු අතර හතළිහකට නොඅඩු පිරිසකට තුවාල සිදු විය.
 
 
 
 
THE LEADER TV 
THE LEADER TV 
 
තාත්තා, බාප්පට මුදල් ඇමතිකම දුන්නේ ඇයි? - නාමල් කිව්ව කතාව! 
 
 
 
ගෙවන්න මුදල් නෑ- තෙල් නැවත් ආපසු යයිද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්