ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අනුෂ පැල්පිට පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබාදී ඇති බවත්, ඊට අදාල පත්වීමේ ලිපිය හෙට දිනයේ ඔහුවෙත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම්දී ඇතිබවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කල අනුෂ පැල්පිට පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්විය. මේවනවිට ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරයි.
UDA හිටපු සභාපතිට 'උසස්වීමක්' !
මේ අතර මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර නාගරික සංවර්ධන අධිකාරියේ (UDA ) සභාපති ධුරයට පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර හෙට නව තනතුරේ වැඩ බාර ගැනීමට නියමිතය.
මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර මේවනවිට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි.
දැනට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන ගෘහ නිර්මාණ ශිල්පී යූ.ඩී. හර්ෂාන් ද සිල්වා ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු ලෙස 'උසස්කර ' ඇත.
යූ.ඩී. හර්ෂාන් ද සිල්වා ජනාධිපතිවරයාට සමීප නිලධාරියකු ලෙස සැලකුන ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවරන ඇතැම් රාජකාරි කටයුතු කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොකරන බවට මොහුට විවේචන එල්ලවී තිබිණ.
'' මේවා කරලා මට අයෙත් නිකන් හිරේ යන්න බැහැ ..'' කියමින් ඔහුට පවරනු ලැබූ ඇතැම් නියෝග පැහැර හැර තිබෙන බවට ජනාධිපති කාර්යාලයට වාර්තා වී ඇතැයි සඳහන්වේ.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ දී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළ අවස්ථාවේදී ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා ද විත්තිකරුවකු ලෙස නම්කර තිබිණ.
සබැඳි පුවත් :
THE LEADER TV
තාත්තා, බාප්පට මුදල් ඇමතිකම දුන්නේ ඇයි? - නාමල් කිව්ව කතාව!
ගෙවන්න මුදල් නෑ- තෙල් නැවත් ආපසු යයිද?