රාගම ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියකගේ කාමරයකට අනවසරයෙන් ඇතුල් වී

ඇය ඇඳුම් මාරු කරනු ලබන අවස්ථාවක ඇයගේ ඡායාරූප ගත් වෛද්‍යවරයා ලබන 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
 
කොළඹ ජාතික රෝහලේ සේවය කරන සැකකාර 35 හැවිරිදි වෛද්‍යවරයා මීට පෙර රාගම ශික්‍ෂණ රෝහලේ සේවය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය.
 
රාගම පොලිස් ස්ථානය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
 
සැකකරුට එරෙහිව මෙවැනිම තවත් පැමිණිලි දෙකක් ද පොලිසියට ඉදිරිපත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.
 
 
 
 
පිළිතුරුදීමේ අයිතිය :
 
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
 
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
THE LEADER TV 
 
පොහොර වැඩෙනුත් : ප්ලෑන් කරලා බැසිල්ව ඇන්නුවද ? 
 
 
රාජපක්ෂලා මාර්ගපල ලබන හැටි...
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්