1200 x 80 DMirror
 
 

පොහොර හා කෘෂි රසායන තහනමෙන් ගුණාත්මක තේ නිෂ්පාදනයට බාධා  පැමිණ ඇති බවත්, එම තත්ත්වය තුළ ‘ලංකා තේ‘ අපනයන මිල අඛණ්ඩව
පහත වැටෙන බවත් පවසන හිටපු ආණ්ඩුකාරවරයකු, තේ පොහොර දැන්වත් නිදහස් කරන්නැයි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
 
එම ඉල්ලීම සිදුකර ඇත්තේ, හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.
 
‘‘අපනයන ආදායමේ හදවත බදු තේ වගාව රැක ගැනීම සඳහා පොහොර හා කෘෂි රසායන ආනයන තහනම පිළිබඳ වහා නැවත ඇගයීමක් සිදු කළ යුතුව ඇතැයි‘‘ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  
 
තත්වයෙන් බාල තේ නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අපනයන තේ කිලෝ ග්‍රැමයක් සඳහා ලැබෙන මිල තුන්වන අඛණ්ඩව මාසයටත් පහත බැස ඇති බවත් රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
 
 
ඔහුගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
 
54606495 401   
 
''ජූලි මාසයේ දී අපනයන තේ මිල තවත් පහත වැටෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% ක් නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර, කෘෂි රසායන නොලැබීම නිසා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ දළු නිෂ්පාදනය කළ නොහැකිව ඇත.  
 
අපනයන මට්ටමේ තේ නිෂ්පාදනවල පැවතිය යුතු ගුණාත්මක භාවය තත්වයෙන් බාල තේ දළු වලින් ලබා ගත නොහැකිව ඇත. තේ සඳහා ලැබෙන මිල අඛණ්ඩව පහත වැටීමට වැලැක්වීමට නම් තේ වගාව සඳහා හෝ රජය රදවාගෙන තිබෙන පොහොර වහා නිදහස් කළ යුතු ය. 
 
පොහොර හා කෘෂි රසානයන නොමැතිවීමෙන් මේ වන විට තේ වගාව දැඩි පරිහානියක ලක්ව තිබේ.  පහත රට තේ වගාවේ අස්වැන්න හා දළුවල ගුණාත්මක බව පහත වැටීම සුවිශේෂී වේ.  
 
කඳුකර තේ වගාවට පොහොර නොමැතිවීමට අමතරව බ්ලයිට් රෝග ආසාදනයට ලක්වී ඇත. මේ රෝග සඳහා නිර්දේශිත කෘෂි රසායන නොමැතිවීම හේතුවෙන් දළු අඩුවීම පමණක් නොව, ගස් විනාශවීම ද ඇරඹී ඇත.
 
වතු සමාගම් සතුව පොහොර හා කෘෂි රසායන තොග පවතින නමුත් කුඩා තේ වතු හිමියන්ට පොහොර  නොලැබේ.  වතු සමාගම් හා කුඩා වතු හිමියන්ට ඇත්තේ එකම වෙළෙඳපොලකි.  තත්වයෙන් බාල තේ නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොලට පැමිණීමත් සමඟම තේ මිල පහත යාම ඇරඹී තිබේ.
 
අත්තනෝමතික කෘෂි රසායන තහනම් හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල තත්වය පවත්වාගෙන යාමේ ගැටළුවකට කෘෂි නිෂ්පාදන කේෂ්ත්‍රෙයේ සෑම කණ්ඩායමක්ම මුහුණ දී සිටී.  
 
ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන ආදායමේන් 15% ක් ලැබෙන්නේ තේ නිෂ්පාදනයෙනි.  කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අපනයන ආදායමෙන් 62% ක් ලැබෙන්නේ තේ වගාවෙනි.
 
 
1564887842 keerthi l 
 
කෘෂිකර්ම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොහොර හා කෘෂි රසායන තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ සෑම අංශයක්ම කඩා වැටෙමින් තිබෙන අතර අස්වැන්න අඩුවෙමින් පවතී.  එළවළු, පළතුරු හා මල්වර්ග නිෂ්පාදනය ට එයින් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇත.  කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක නිෂ්පාදනය තත්වය මේ වන විට පහත වැටී ඇතැයි ද කීර්ති තෙන්නකෝන් ගේ නිවේදනයේ දැක්වේ.
 
 
 
තේ මිල හා ඩොලරයේ අගය පහත වගුවේ දැක්වේ.
 
 
213273496 10223197930990136 8214631838501723196 n 
 
 
 
##################
 
THE LEADER TV 
 
කෞෂිගේ ලේකම් පත්වීම බොරුවක්!
 

 
පොහොර වැඩෙනුත් : ප්ලෑන් කරලා බැසිල්ව ඇන්නුවද ? 
 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්