වර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුව බව පෙනෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසිය.
අතීතයේ දුප්පත් දුබල අයට එක නීතියක් ධනය බලය ඇති අයට තව නීතියක් යනුවෙන් මතයක් තිබුණත් වර්තමානයේ පොත්තේ පාට අනුව සරත් වීරසේකරලාගේ නීතිය වෙනස් වෙමින් ඇතැයි ද ජවිපෙ නායකයා සඳහන් කළේය.
ඇතැම් අවස්ථාවල වෙඬරු පිඩක් සේ උණුවෙන හදවත් තවත් අවස්ථාවල කළුගලක් සේ දැඩි වන බවත් එය තීරණය කරන්නේ පොතේතේ පාට බවත් ජවිපෙ නායකයා පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
''ඉස්සර තිබුණා පිළිගැනීමක් දුප්පත් දුබල අයට එක නීතියක් ධනය බලය ඇති අයට තව නීතියක් කියලා. නමුත් දැන් පේන්න තිබෙන්නේ පොත්තේ පාට අනුව සරත් වීරසේකරලාගේ නීතිය වෙනස් වෙන බවක්. ඇතැම් අවස්ථාවල සරත් වීරසේකරගේ හදවත වෙඬරු පිඩක් සේ උණුවෙනවා. තවත් අවස්ථාවල කළුගලක් සේ හදවත දැඩි වෙනවා. එය තීරණය කරන්නේ පොතේතේ පාටයි. ඒකයි දැන් නීතියේ තත්වය.'' ජවිපෙ නායකයා පැවසිය.
නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව වෙනුවෙන් සාධාරණ උද්ඝෝෂණයක නිරත වූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් ආණ්ඩුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති නිසා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට එම වෘත්තීය සමිතිවලට සාධාරණ අයිතියක් තිබෙන බවද ඔහු පැවසීය.
ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්රියාමාර්ගයෙහි තම පක්ෂය නියෝජනය කරන ප්‍රබල වෘත්තීය සමිතියක් සිටියත් එය පක්ෂය ගත් තීරණයක් නොව වෘත්තීය සමිති එකමුතුවේ තිරණයක් බව ද අනුර දිසානායක සඳහන් කළේය.
කොරෝනා තත්වය උපයෝගී කරගෙන ජනතාව මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින ඇමතිවරයා සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.
ජවිපෙ නායකයා තව දුරටත් මෙසේද සඳහන් කළේය.
''පසුගියදා නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව වෙනුවෙන් සහ අධ්‍යාපනය මිලිටරිකරණයට විරුද්දවත් අපේ රටේ පොදු ජනතාව ශිෂ්‍යයන් වෘත්තීය සමිති ව්‍යාපාර සාධාරණ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුනා.
එතනදි සිදුවූ දෙය තමයි එය මර්දනය කරලා බලහත්කාරී ලෙස වෘත්තීය සමිති නායකයින් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් ආණ්ඩුව බලහත්කාරයෙන් පැහැරගෙන ගියා.
මෙම පැහැරගෙන ගොස් දඩුවම් ලබාදීම නිසා වෘත්තීය සමිතිවලට සාධාරණ අයිතියක් තිබෙනවා තමන්ගේ වෘත්තීය සමිති නායකයින් වෙනුවෙන් සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ මිලිටරිකරණය කිරීමට එරෙහිව යම් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න...
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ජුලි 12 මාධ්‍ය හමුවක් පවත්වලා කියලා තිබුණා කණ්ඩායම් සහ අවම ප්‍රමාණයන් පිළිබඳව සංඛ්‍යාවක් දක්වා තිබෙනවා නමුත් උද්ඝෝෂණ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් දක්වා නැහැ කියලා.
සෞඛ්‍ය අංශ නිකුත් කරන්නේ කොරෝනා රෝගයෙන් ජනතාව ආරක්ෂා වීමේ නිර්දේශයන් බවත් එම මාර්ගෝපදේශනයන්ට අදාලව නීතිරීති ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීමක් බවත් ඒ පිළිබඳව යම් අඩුපාඩුවක් වුනානම් අදාල අංශවලින් ප්‍රශ්න කළ යුතු බවත් ඔහු පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව විශේෂයෙන් කියනවා උද්ඝෝෂණ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කර නැහැ කියලා. උද්ඝෝෂණයක්ද, බැසිල් රාජපක්ෂ පිළිගැනීමේ කිරිබත් කෑමේ උත්සවයක්ද, බන්දු ගුණවර්ධන ඇමතිවරයාගේ සතොස ශාඛාවක් විවෘත කිරීමේ උත්සවයක්ද යන්න විශේෂ සඳහනක් කර නැහැ.
එසේ තිබියදී අජිත රෝහණ නියෝජනය කරන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විශේෂ නිවේදනයක් නිකුත් කරලා පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් කරනවා. එනිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ පොලිස් ඇමති රටට ඉදිරිපත් කළ යුතුයි සෞඛ්‍ය අංශ විසින් උද්ඝෝෂණ පිළිබඳ විශේෂයෙන් සඳහන් කොට සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කළාද කියලා.
නමුත් සෞඛ්‍ය බලධාරීන් කියනවා එවැනි දෙයක් නැහැ කියලා. අපි දිගින් දිගටම කිව්වා කොරෝනා තත්වය උපයෝගිකොටගෙන තිබෙන්නේ ජනතාව මර්දනය කිරීමට බව.
රටේ ජනතාව පීඩාවට පත්ව තිබෙනවා ඒ පිළිබඳව ජනතාව උද්ඝෝෂණය කරන්න තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පොලිසිය සහ ඇමතිවරයා විසින් උල්ලංඝණය කරමින් තිබෙනවා. මේ පිළිබඳව මානව අයිතිවාසිකම් නඩුවක් ගොනුකරලා තිබෙනවා. අධිකරණයේදී කරුණු කියන්න අපි සූදානම්.''
THE LEADER TV
බැසිල් දැල එලයි - කැටගොඩ අවුලක
ආණ්ඩුවට හිරු පත්තරේ විස්තරේ විෂ වෙලා!