කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල පිළිගතහැකි මට්ටමක නොපවතින බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
 
එම නිසා ශ්‍රී ලංකාවේ සිට චීනයට ඇතුළුවන පුද්ගලයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අනුමත කර ඇති රෝහල් ලැයිස්තුවෙන් එම රෝහල ඉවත් කරන බවත් තානාපති කාර්යාලය පවසයි.
 
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ, පසුගිය වකවානුවේ අදාළ රෝහලින් නිකුත් කරන ලද පීසීආර් පරීක්ෂණ සහ (අයිජීඑම්) ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා මගින් කොවිඩ් ආසාධිතයන් නොවන බවට තහවුරු කල පුද්ගලයන් රැසක් චීනයට ඇතුළුවීමෙන් අනතුරුව ආසාදිතයන් බවට අනාවරණය වීම චීනයේ මෙම තීරණයට හේතුවී ඇති බවයි.
 
එම නිසා ගුවන් මගීන්ගේ, ගුවන් සේවකයන්ගේ සහ අදාළ සියලුම පාර්ශ්වවල ආරක්ෂාව වෙනුවෙන් 2021 ජූලි 13 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරත් ප්‍රකාශ කරයි.
 
mm
 
 
 
 
THE LEADER TV 
බැසිල් දැල එලයි - කැටගොඩ අවුලක 
 

ආණ්ඩුවට හිරු පත්තරේ විස්තරේ විෂ වෙලා!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්