දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ බඩු මිල පහත හෙලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරේ දියත් කළ විරෝධතාවයකටත් පොලීසිය බාධා පමුණුවා තිබේ.
යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මුඛ ආවරණ පැළද සමාජ දුරස්ථභාවයත් රැකෙන පරිදි පසුගිය සති අන්තයේ උද්ඝෝෂණය දියත් කර තිබුනේ 'නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය' විසිනි.
 
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බල කිරීම මුලික කරගත් එම විරෝධතාවයේදී,  වසංගත නීති යොදා ගනිමින් සිදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා නවත්වන ලෙස රජයට බල කළ උද්ඝෝෂකයෝ රටේ සියලුම  ජනතාවට කඩිනමින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන ලෙසත් බල කර තිබේ.
 
රජය විසින් පසුගියදා ඉන්ධන මිළ වැඩි කිරීම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටින  බව අවධාරණය ඇති ඔවුහු ඉන්ධන මිළ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිළ වහා පහත හෙලන ලෙසත් රජයට බල කර ඇත.
 
 
02 
 
 
විරෝධතාවය  පැවැත්වෙද්දී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියකු අණ කර ඇත්තේ රටේ වසංගත ව්‍යාප්තියක් පවතින බැවින් වහාම උද්ඝෝෂණය නතර කරන ලෙසයි. පොලිස් නිලධාරීන් විශාල පිරිසකටත් වෛරසය ආසාදනය වු බව ඔහු විරෝධතාකරුවන් සමග පවසන අයුරු පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.
 
උද්ඝෝෂණයට එක්ව සිටි විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කර එහි සංවිධායකයන්ට  මාධ්‍ය වෙත තම  අදහස් දැක්වීමට කෙටි කාලයක් පොලීසිය ලබා දුන් බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
 

THE LEADER TV 
 
 
තෙල් නැතුව බැසිල් ඇවිලෙයි ! 
පොලිස් ඇමතිට වෙච්ච වැඩක් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්