උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටළු වාර්තා කරන දෙමළ මාධ්‍යවේදීන් අභූත චෝදනා පදනම් කරගෙන
ලුහුබැඳ යෑම හා හිරිහැර කිරීම අඛණ්ඩව සිදුවීම කෙරේ ජාත්‍යන්තර සංවිධානවල අවධානය යොමුවී තිබේ.
 
මඩකලපුවේ මාධ්‍යවේදීන් දෙදෙනකුට  ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) හමුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කර තිබීම මාධ්‍යවේදීන්ට එරෙහි පීඩාවේ ආසන්නතම නිදසුන්ය.
 
ඔවුන් දෙදෙනාට  ඉදිරිපත් කර ඇත්තේ  නඩු පැවරීමට හැකියාවක් ඇති චෝදනා නොවන බව නීතීඥයෝ  පෙන්වා දෙති.
 
  
2009 මැයි මාසයේදී අළු දූලි කර අවසන් කළ බවට ආණ්ඩුව විසින්  ප්‍රකාශ කරන ලද මේ වන විට අක්‍රීයව පවතින LTTE ය සමග සම්බන්ධතා පවත්වන බවට වන චෝදනා මත මඩකලපු දිස්ත්‍රික් දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සෙල්වකුමාර් නිලාන්දන්ගෙන්  ප්‍රශ්න කර තිබේ.
  
ඔහු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය කැඳවා, එල්ටීටීඊයේ දේශපාලන අංශයේ හිටපු ප්‍රධානී දයාමෝහන් සමඟ මොනයම් හෝ සම්බන්ධයක් පැවැතුනිද යන්නත් 'බැටී නාදම්' සහ 'මීනගම්' වෙබ් අඩවි පවත්වාගෙන යාමට මැදහත් වී ඇත්තේද යන්නත් දිගින් දිගටම ප්‍රශ්න කර ඇත.
 
පැය තුනකට අධික කාලයක් තිස්සේ මහත් වෙහෙසකර වූ ප්‍රශ්න කිරීමකට පසු මාධ්‍යවේදියාගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඒවායෙහි මුරපදත් බැංකු ගිනුම් ගැනත් CTID වැඩි දුරටත් විමසා තිබේ.
 
“ඔබ එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක් වෙලා හිටියාද? ඔබේ කිසියම් වු  ඥාතියෙක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වෙලා හිටියාද? ඔබ එල්ටීටීඊයට උදව් කර තිබෙනවාද ? ඔබට ඔවුන් සමඟ සම්බන්ධතා තිබුණාද? ” ආදී ලෙසින් ඉදිරිපත් කරන ලද පදනම් විරහිත ප්‍රශ්නාවලියක් ඔහුට යොමු කර තිබේ.
 
සෙල්වකුමාර් නිලාන්දන් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන්නේදැයි ප්‍රශ්න කර ඇති ඔවුන් එය එසේනම් එහි අරමුදල් ලැබෙන ආකාරය සහ ඔහුගේ ජනමාධ්‍යවේදී ක්‍රියාකාරකම් පිළිබඳ විස්තරද දිගින් දිගටම ප්‍රශ්න කර ඇත.
 
තමන්ට පොලිසින් සිදුකරන හිරිහැර පිළිබඳව මාධ්‍යවේදී නිලාන්දන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. 
 
 dffr
 
 
 
මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන කමිටුව (CPJ):
 
 
මාධ්‍යවේදී නිලාන්දන්ට හිරිහැර කිරීම නතර කරන ලෙස නිව්යෝර්ක් නගරය මුලස්ථාන කොට ගත්  මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන කමිටුව (CPJ) ලංකාණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
 
“ශ්‍රී ලාංකික මාධ්‍යවේදී සෙල්වකුමාර් නිලාන්දන් ගෙන් ප්‍රශ්න කරමින් ඔහුගේ සමාජ මාධ්‍ය සහ බැංකු ගිණුම්වලට ප්‍රවේශවීමට බල කිරීම මගින් දෙමළ මාධ්‍යවේදීන් ට කරනු ලබන හිරිහැරවල රටාව වහාම අත්හිටුවිය යුතුය,” යි CPJ ආසියා වැඩසටහන් සම්බන්ධීකාරක ස්ටීවන් බට්ලර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
“නිලාන්දන් බියවැද්දීම නවතා දමා බලධාරීන් ඔහු සහ අනිකුත් දෙමළ මාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තා කිරීමට ඉඩ සැලසිය යුතුය.” එහි සඳහන් වේ. 
 
 
 
අනුස්මරණය, CTID සහ තර්ජන 
 
ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වන ඝාතනයකට ලක්වූ  ඉන්දීය ධීවරයන් වෙනුවෙන් පැවැති අනුස්මරණ රැස්වීමකට සම්බන්ධ වු බවට වන චෝදනා යටතේ මේ මස මුලදී මඩකලපුවේ තවත් මාධ්‍යවේදියකු වන පුන්‍යමුර්ති සසිකරන් CTID ට කැදවා තිබුනි.
 
 ‘අබිරහස් අයුරින්’  හටගත් ගින්නකින් ඉන්දියානු ධීවර බෝට්ටු දෙකක් මේ වසරේ ජනවාරි මාසයේදී මුහුද මැද දී දැවී යෑම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව විසින් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැත.
 
කෙසේ වෙතත් ඉන්දියානු ධීවරයන් සිව් දෙනෙකුගේ දැවී ගිය සිරුරු ගිනිගෙන මුහුදුබත් වූ බෝට්ටුවකින් සොයා ගෙන තිබුනි.
 
“මම ඒ රැස්වීමට මාධ්‍යවේදියකු ලෙස සහභාගි උනා විතරයි.  නමුත් මම ඒක  සංවිධානය කළ විදිහටයි  විමර්ශන කෙරෙමින් තියෙන්නේ”යි පුන්‍යමුර්ති සසිකරන් සහෝදර මාධ්‍ය සගයන් සමග පවසා තිබේ.
 
තමන් රටට එරෙහි ක්‍රියාවක් සිදු කර නැති බව පැවසූ සසිකරන් තවදුරටත් කියා සිටියේ, ජනමාධ්‍යවේදියකු ලෙස පෙනී හිඳිමින් රටට එරෙහිව පුද්ගලයන් මෙහෙයවන්නේදැයි  පරීක්ෂන සිදු කරන අතරවාරයේ  අතරවාරයේ දී තමන්ගෙන් විමසන ලද බවයි.
  
ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අසල්වාසීන්ගෙන් ද මාධ්‍යවේදියා පිළිබඳ තොරතුරු විමසීම නිසා ප්‍රදේශයේ සිවිල ක්‍රියාධාරීන් නොසන්සුන් වී සිටිති. 
 
“මියගිය ඉන්දීය ධීවරයන් අනුස්මරණය සංවිධානය කළේ සසිකරන් නේද?” ආදී වූ ප්‍රශ්න පොලිසිය විසින් විමසීම නිසා ඔහුගේ නිදහස පිළිබඳව බිය පලවී තිබේ.
 
මෙවැනි කැඳවීම් නියෝග, මාධ්‍යවේදීන් නිතර විමර්ශනවලට ලක්කිරීම හා හිරිහැර කිරීම මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
 
තවත් දෙමළ ඡායාරූප ශිල්පීයකු හා  මාධ්‍යවේදියකු වන  මුරුගුපිල්ලේ ගෝකුලදාසන් හෙවත් ගෝකුලන්  CTID විසින් කැඳවා අනතුරුව අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවකින් තොරව දැනට දින 225 ක් තිස්සේ සිරගත කර තිබේ.
 
බොහෝවිට ජනමාධ්‍යවේදීන් නිහඬ කිරීමට පාවිච්චි කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ අමානුෂික පනත (PTA) යොදාගෙන ඔහු සිරකොටගෙන සිටින්නේ එල්ටීටීඊයේ ඡායාරූප පළ කිරීමේ චෝදනා නගමිනි.
 
මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනීසිටින පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) සංවිධානය පවසන්නේ , මුරුගුපිල්ලේ ගෝකුලදාසන්  කළේ සිවිල් යුද්ධයේදී මරාදැමුවන් සිහිපත් කරන සිද්ධීන් පිළිබඳව සටහනක් තැබීම පමණක් බවයි. සෑම වසරකම නොවැම්බරයේ දෙමළ ප්‍රජාව විසින් මෙම සමරු සංවිධානය කරනු ලැබේ.
 
මේ වසරේ මාර්තු මාසයේදී ‘ටියුබ් ටැමිල්’යූ ටියුබ් නාලිකාවේ දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනකු වන මුගුන්දන් දිවන්‍යා  සහ විමල් රාජ් යාපනයේ දී අත්අඩංගුවට ගෙන කොළඹට ගෙන ගොස් මාර්තු 29 සිට අන්‍යයන් සමග කිසිම සබඳතාවක් පැවැත්වීමට ඉඩ නොදී හුදකලාව රඳවා තබා සිටි.
 
 Amma 2021.05.04
මඩකලපුවේ දී මියගිය ඥාතීන් සැමරූ දෙමළ දහදෙනෙක් රිමාන්ඩ්
 
 
සිවිල් යුද්ධයේදී මියගිය අයට උපහාර දැක්වීම සඳහා මඩකලපුව වෙරළ තීරයේ ඉටිපන්දම් පත්තු කළ දස දෙනකු  මෙම වසරේ මැයි මාසයේ සිට තවමත් අත්අඩංගුවේ පසුවෙති.
 
දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවේ යථා තත්වය වැනි සංවේදී කරුණු පිළිබඳ ගවේෂනාත්මක  වාර්තාකරණයට කෙසේ වෙතත්, රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල එදිනෙදා සිදුවීම් වාර්තා කිරීම පවා මාධ්‍යවේදීන්ට වඩ වඩාත් අන්තරායකර වෙමින් පවතී.

 

 

 


 

THE LEADER TV 
 
 
තෙල් නැතුව බැසිල් ඇවිලෙයි ! 
 
 
 
පොලිස් ඇමතිට වෙච්ච වැඩක් !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image