පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට පත්කර තිබේ.
එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු අදාල ක්ෂේත්රයේ පළපුරුදු නිලධාරියෙකි.
මේ අනුව මේවනවිට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන විජිත හේරත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත්කිරීමට නියමිතව ඇතැයි පැවසේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත්කළ අන්තර්කාලින ආණ්ඩුවේ ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ මහින්ද අමරවීර විසින් විජිත හේරත්ව විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට පත්කරනු ලැබුවේ 2019 වසරේ දෙසැම්බර් 20 වැනිදාය.
THE LEADER TV
දැරිය අපයෝජනය කළ "බුදු සරණයි" ලැයිස්තුව ?
ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්?