අසත්‍ය චෝදනාවක් එල්ල කරමින් තමන් අත්අඩංගුවට ගැනිමේ උත්සාහයක් පොලීසිය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට ආරක්ෂක බලධාරීන්ගේ
නිරන්තර හිරිහැරයට ලක්ව සිටින නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදියෙක් බිය පළකර සිටී.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මඩකලපුව ශාඛාවට ජුලි 15 බ්‍රහස්පතින්දා සිදු කළ පැමිණිල්ලක් මගින් මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන් අවධාරණය කර ඇත්තේ, පොලීසියේ ක්‍රියා කලාපය තමන්ගේ මාධ්‍යකරණයට මහත් සේ අනිටු  බලපෑම් එල්ල කරන බවයි.
 
  
තමන් විසින් වාර්තා කරන්නට ගිය අනුස්මරණයක් තමන් විසින් සංවිධානය කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශ ගැනීමේ උත්සාහයක් පොලීසිය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට දැන ගන්නට ලැබී ඇති බවයි මාධ්‍යවේදියා පවසන්නේ.
 
 
මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන විශේෂ අපරාධ විමර්ශන ඒකකයකට පසුගියදා මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන් කැදවා තිබුනි.
 
 ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වන ඝාතනයකට ලක්වූ  ඉන්දීය ධීවරයන් වෙනුවෙන් පැවැති  අනුස්මරණ රැස්වීමක් සංවිධානය කර තිබුනේ ඔහුද යන්න ප්‍රශ්න කිරීම සදහායි.
 
 එම ප්‍රශ්න කිරීම් වලින් පසුව මාධ්‍යවේදියා තම වෘත්තීය සගයන් සමග පවසා තිබුනේ එම අවස්ථාවට මාධ්‍යවේදියකු ලෙස පමණක් සහභාගි වුවත් එය  තමන් සංවිධානය කළ බවට විමර්ශන කෙරෙමින් පවතින බවයි.
 
මරණයට පත්වූ ඉන්දීය ධීවර පිරිසක් සිහිපත් කරමින් අනුස්මරණයක් පැවැත්වීමේ වැරැද කුමක්දැයි පොලිසිය පැහැදිලි කිරීමක් කර නැත.
 
  
‘අබිරහස් අයුරින්’ හටගත් ගින්නකින් ඉන්දියානු ධීවර බෝට්ටු දෙකක් මේ වසරේ ජනවාරි මාසයේදී මුහුද මැද දී දැවී යෑම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව විසින් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැත.කෙසේ වෙතත් ඉන්දියානු ධීවරයන් සිව් දෙනෙකුගේ දැවී ගිය සිරුරු ගිනිගෙන මුහුදුබත් වූ බෝට්ටුවකින් සොයා ගෙන තිබුනි.
 
 
තමන් මාධ්‍යවේදියෙකු ලෙස සිදුකර ඇත්තේ ප්‍රදේශයේ සිදු වු අනුස්මරණයක් වාර්තාකරණය කිරීම පමණක් බවයි මාධ්‍යවේදියා වැඩි දුරටත් පවසන්නේ.
 
 මෙවැනි කැඳවීම් නියෝග, මාධ්‍යවේදීන් නිතර විමර්ශනවලට ලක්කිරීම හා හිරිහැර කිරීම මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
 
 
 
THE LEADER TV 
 
දැරිය අපයෝජනය කළ "බුදු සරණයි" ලැයිස්තුව ?
 
ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්