ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් අධිකරණයේ අධීක්ෂණයට ලක් කිරීම
ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා අත් අඩංගුවේ වධහිංසා දිගටම සිදුවීමේ අවදානම වැඩි වී තිබේ.
 
පොලිසිය හැරුනුකොට වෙනත් විවිධ රැඳවුම් ස්ථානවල සිරකොටගෙන සිටින සැකකරුවන් බැලීම සඳහා මහේස්ත්‍රාත් වරුන්ට ඉඩ සැලසෙන පරිදි නීති සම්පාදනය කිරීමට ගෙනා යෝජනා අධිකරණ අමාත්‍යවරයා විසින් බැහැර කර ඇත.
 
විපක්ෂය පවසන්නේ මානව හිමිකම් රැකීමේ සැබෑ උවමනාවකින් තොර ආණ්ඩුව යුරෝපා බදු සහන අහිමිවීමේ අනතුර හමුවේ “ජාත්‍යන්තරය රැවටීමේ ප්‍රෝඩාවක” නිරත වෙමින් සිටින බවයි.
  
සැකකරුවන් අධීක්ෂණය සඳහා පොලිස් ස්ථාන වලට පැමිනීමට මහේස්ත්‍රාත්වරයා වෙත බලය පැවරෙන පරිදි අපරාධ පනත සංශෝධනය කිරීමට අධිකරණ ඇමති අලි සබ්‍රි පාර්ලිමේන්තුවට යෝජනා කර තිබිණි.
 
එහිදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සැකකරුවන් රදවා සිටින ත්‍රස්ත විමර්ශන ඒකකය, පොලිස් අපරාධ කොට්ඨාශ, රහස් පොලීසිය අතුලු අනෙකුත් රැදවුම් ස්ථාන ද නිරීක්ෂණය ට මහේස්ත්‍රාත් වරයාට බලය පැවරිය යුතු බවයි.
 
fghfghjkj
පා.ම. මුජිබර් රහුමාන් සහ අධිකරණ ඇමති අලි සබ්‍රි 
 
  
 එහෙත් එම යෝජනාව ආණ්ඩු පක්ෂයේ සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප වු බව අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
 
පොලිස් ස්ථානවල අත් අඩන්ගුවේ සිටින සැකකරුවන් වධ හිංසාවට ලක්වේ දැයි සොයා බැලීමට සෑම මසකට එක් වරක් මහේස්ත්රාත් වරයා සෑම පොලිස් ස්ථානයකට පැමිණිය යුතු බවට අපරාධ පනත සංශෝධනය කර තිබේ.
 
එහෙත් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ රඳවාගෙන සිටින්නේ පොලිස් ස්ථානවල පමණක් නොවන බවයි.
 
"පොලිස් කූඩු වල ඉන්න සාමාන්‍ය සැකකරුවො ඒ තරම් කාලයක් තියා ගන්නෙ නෑ. ත්‍රස්ත පනත යටතේ ගන්න අය අවුරුදු එක හමාරක් විතර රැදවුම් නියෝග අරන් රඳවා තියාගන්නවා. ඒ අය ගොඩක් ඉන්නෙ ත්‍රස්ත විමර්ශන ඒකකයේ, රහස් පොලිසියේ නැත්නම් පොලිස් අපරාධ කොට්ඨාශ වල ." බවයි.
 
ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධබන්ධන පමුණුවන ස්ථාන සිය ගණනක සිතියමක් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සහ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් මෙයින් දෙවසරකට ඉහතදී ප්‍රකාශයට පත් කර තිබුණි.  (ලංකාවේ වධක බිම්)
 
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඒ යටතේ අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධ හිංසා කිරීම, දීර්ඝ කාලයක් රදවා ගෙන ප්‍රශ්න කිරීම දෙස් විදෙස් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විරෝධයට හේතු වුවකි.
 
 
වධ හිංසාවට ගොදුරුවුවන්ට සහයෝගය දැක්වීම වෙනුවෙන් වු ජාත්‍යන්තර දිනය යෙදී තිබුනු ජූනි 26 වැනිදා ඒ නිමිත්තෙන් ITJP විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වූයේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පැහැරගෙන ගොස් වධ හිංසා පමුනුවන ලද දැනට බ්‍රිතානයේ සිටින දෙමළ ජාතිකයන් 10 දෙනෙකු සම්බන්ධ සිදුවීම් තම සංවිධානය මගින් විභාග කොට ඇති බවයි.  
 
ඒ මගින් ත්‍රස්ත  මර්දන පොලිසියට අමතරව යුද හමුදාව ද අපරාධකරුවන් අතර ඉන්නා බවට චෝදනා එල්ල කර තිබුනි.
 
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරමින් මානව හිමිකම් තහවුරු කරන ලෙස යුරෝපා සංගමය ගෝඨාභය රාජපක්ශ ආන්ඩුවට දැන්වුයේ එසේ නොමැති නම් GSP+ සහනය නැවතත් අහිමි විය හැකි බවයි.
 
 අපරාධ පනත් සංශෝධනය කරන බවට ජාත්‍යන්තර බලපෑම් හමුවේ කරන්නේ ප්‍රෝඩාවක් බවට විපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරයි.
 
"ආණ්ඩුව මේ කරන්නේ මානව හිමිකම් සුරකිනවා කියා ජාත්‍යන්තරය රැවටීමේ ප්‍රෝඩාවක්.  ඇත්තටම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ උවමනාවක් ආන්ඩුවට නැහැ," යි  පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන් පවසයි.
 

 

 


 

THE LEADER TV 
 
 
දැරිය අපයෝජනය කළ "බුදු සරණයි" ලැයිස්තුව ?
 
 
 
ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image