කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ පැවතීම යෝග්‍ය බව  දිවයිනේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
'පැෆරල්' සංවිධානය ඒ බව දැනුම් දී ඇත්තේ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව වෙතයි.
 
භූගෝලීය සාධකය, ජනගහනය හා අනෙකුත් විවිධත්වය සැලකිල්ලට ගෙන දැනට පවතින මැතිවරණ දිස්ත්‍රික්ක 22 සිට 40 දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන්ද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර ඇත්තේ ජුලි 14 බදාදා  සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
 
 
 
පූර්ව ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව පැහැදිලි කළ පැෆරල් සංවිධානය සෑම ඡන්දදායකයකුටම ඡන්ද හිමිකම ලබා දීම අත්‍යාවශ්‍ය බව කාරක සභාවේදී පැවසු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
 
 
මැතිවරණ අපේක්ෂක වියදම් සීමා කිරීම, ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනයක පැවැත්වීම, මැතිවරණ දින දර්ශනයක් ක්‍රියාත්මක කිරීම, මැතිවරණ ක්‍රියාවලියේ සහ දැනට පවතින මැතිවරණ නීතියේ ඇති අඩුපාඩු හඳුනාගෙන යාවත්කාලීන කිරීම, රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම, දඩ මුදල් හා මැතිවරණ නීතිය යාවත්කාලීන කිරීම, සෑම ජන්දදායකයෙකුටම සාධාරණ ලෙස තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම, ප්‍රචාරණය සම්බන්ධ නීති මෙන්ම ප්‍රමාණවත් කාන්තා නියෝජනය තහවුරු කිරීම යන කාරණා සම්බන්ධයෙන් ද 'පැෆරල්' සංවිධානය කාරක සභාව හමුවේ අදහස් දක්වා තිබේ.
 
 
 
හිටපු මැකො සහ රෝහණ මත දෙකක
 
 
01 
 
 
අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මෙන්ම ජාතික ලැයිස්තුව මඟින් අපේක්ෂකයන් තෝරා ගැනීම, මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා දීර්ඝ වශයෙන් කාරක සභාවේදී අදහස් දැක්වු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
 
නමුත් එහිදි අදහස් දැක් වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත්තේ  ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බවයි.
 
 මැතිවරණ ප්‍රචාරණ වියදම පාලනය කිරීම වෙනුවෙන් කඩිනමින් නීති සම්පාදනය විය යුතු බවද මහින්ද දේශප්‍රිය  කාරක සභාවේදී පෙන්වා දී ඇත.
 
 කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම්  සහභාගි වී ඇත.  ඊට අමතරව මේ අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීහු ද එක්ව තිබේ.
 
 
 
 කාලය ජූලි 15 වැනිදා අවසන්
 
 
 
 මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 10 කින් යෝජනා හා අදහස් ඉදිරිපත් වී ඇතැයි කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති එම කාරක සභා රැස්වීමේදී  සඳහන් කර තිබේ.
 
 යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් වන බවද සභාපතිවරයා වැඩිදුරටත් කර ඇත.
 
 මේ වන විට කාරක සභාවට ලැබී ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 138 ක් බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර එහිදි පෙන්වා දී ඇත.
 
 
THE LEADER TV 
 
 
දැරිය අපයෝජනය කළ "බුදු සරණයි" ලැයිස්තුව ?
 
 
 
ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්