දෙවැනි රාජපක්ෂ පාලනය විසින් ආණ්ඩුවේ බලසම්පන්න ආයතන සමුහයක් පවුලේ ඥාති සමුහයා යටතේ  තබාගෙන සිටින ආකාරය ජාත්‍යන්තරයට හෙළි කොට තිබේ.
 
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පදනම් කොටගෙන ක්‍රියාත්මක වන  යුක්තිය හා සත්‍යය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් එළිදක්වා ඇති “රාජපක්ෂ සමාගම?” නමින් යුත් අලුත්ම තොරතුරු රූප සටහනින් දැක්වෙන පරිදි රජයේ ආරක්ෂක මෙන්ම ආර්ථික මර්මස්ථාන ඇත්තේ ජනාධිපතිවරයා සහ ඔහුගේ එකකුස උපන් සහෝදරයන් තිදෙනකු අතය.
 
මහින්ද, බැසිල් හා චමල් ඒ තිදෙනාය.
  
 
ඒ අතරින් අලුතින්ම පාර්ලිමේන්තු ගොස් මුදල් ඇමැති පදවි ප්‍රාප්ත බැසිල් රාජපක්ෂ යටතේ ඇති ආයතන සංඛ්‍යාව පනහකට ආසන්නය. සියලුම රාජ්‍ය බැංකු මෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලත් ඊට අයත්ය.
 
ඊට අමතරව ඔහුගේත්, ජනපති සොයුරු අගමැති මහින්ද රාජපක්ෂ ගේ පුත්‍ර, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේත් යටතේ ඇති කාර්ය සාධක බලකා වලට ඕනෑම රාජ්‍ය  ආයතනයක නිලධාරියකුගේ සේවය ලබා ගැනීමට බලය පවරා තිබේ.
 
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධුරය යටතේ අගමැතිගේ යටතට එන අරමුදල් ගණනාවකි. ජාතික අයවැය යටතේ ක්‍රියාත්මක කෙරන රජයේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල ඇත්තේ ඔහු අතය.
 
ඔහුගේ තවත් පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා වෙයි.
 
ජනාධිපතිගේ තවත් සහෝදරයකු වන චමල් රාජපක්ෂගේ වාරිමාර්ග ඇමැති ධූරය යටතේ ප්‍රධාන පෙලේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ම පාලනය වේ.
 
ඔහුගේ පුත්‍ර ශෂීන්ද්‍ර රාජපක්ෂ ද කෘෂිකර්මාන්තයට අදාළ ක්ෂේත්‍ර ගණනාවක් හසුරුවන රාජ්‍ය අමාත්‍යවරයෙකි.
 
මේ හැර රාජපක්ෂ නාමය නොදරන ඥාතීන්ද දෙවැනි රාජපක්ෂ තන්ත්‍රයේ පදවි අරා සිටින අයුරු ITJP සටහනේ දැක්වේ.
 
  
ආර්ථික විශ්ලේශිකා රෙහානා තව්ෆික් විසින් ගණන් බලා ඇති පරිදි 2021 සඳහා අනුමත අයවැයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් හසුරුවනු ලබන්නේ රාජපක්ෂවරුන් විසිනි.
 
 
ඒ, අලුතින් පිහිටුවන ලද මහින්ද රාජපක්ෂ යටතේ ඇති ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සහ නාමල් රාජපක්ෂට පවරා ඇති ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නොමැතිවය.
 
 
rehana 
 
 
 
 
 
 
 
THE LEADER TV 
ශ්‍රී ලන්කන් කෝටියක පෙරහැර ගැහිල්ලක් ?
 
දැරිය අපයෝජනය කළ "බුදු සරණයි" ලැයිස්තුව ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්