අගමැති මහින්ද රාජපක්ෂට පසු ආණ්ඩුවේ සිටින ජ්‍යේෂ්ඨයා තමා වුවත් තමන්ට ඇමැති ධූරයක් ලබා නොදීම
කනගාටුවට කාරණයක් බව හිටපු අමාත්‍යවරයෙකු වන එස්. බී දිසානායක පවසයි.
ඒ සම්බන්ධයෙන් ඔහු තව දුරටත් මෙසේද පැවසිය.
“මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ.
කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා.
මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ. අපි වර්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.”
'අපිත් ඉන්නේ කලකිරීමෙන්' – රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න
මේ අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න ද පවසන්නේ,
තමා බලවත් කළකිරීමක සිටින බවයි.
ආනමඩුවේ බොරලු ටිපර් එකකින් රු. 500ක් කප්පම් ගන්නා ඇමැතිවරුන් බිහිව ඇතැයි ඔහු කියා සිටියි.
ජනතාවට පොල් පැල බෙදා දීමේ උලෙළකට එකතු වෙමින් ඇමැතිවරයා ඊයේ (15) මේ බව ප්‍රකාශ කළේ ය.
''ආනමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න අමාත්‍යවරුන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ. මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ.
මොකද ජනතාව හැමදාම මාව විරයා කළා. එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොඳින් තහවුරු කළා.
මම හැමදාම ජනතාවත් එක්ක හිටියා ඒ නිසා මම ජනතාවට කියනවා යම් තැනක වැරදිමක් වුවා නම් එය නිවැරදි කිරිමට කාලය එළඹේමින් තිබෙන බව. එය ඔබේ අයිතිය.
අපිත් හරිම කළකිරිමේන් දැන් වැඩ කරන්නේ අපේ කළකිරිම් ඔබට කියලා වැඩක් නැහැ. මොකද ඔබ අප පත් කළේ ඔබට වැඩ කරන්න.
නමුත් අපිට එය කරන්න බැරි වෙලා තියෙනවා. මේ ආණමඩුව ආසනය තුළ අද වන විට කප්පම් ගන්න දේශපාඥයින් බිහිවි තිබේනවා. මේ ගැන ඉහල දැනුවත් කළා. වැඩක් නැහැ ඒ නිසා මේ කප්ප දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ.''
THE LEADER TV
අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා!
නාමල්ගේ 'ඩබල් ගේම්' කතාව