2017 වසරෙහි පෙබරවාරි 05වන දින අත්අඩංඟුවට ගෙන පොලිසිය විසින් වධ දී මරා දමන ලද චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි වෙනුවෙන් රැපියල් මිලියනයක වන්දියක් ගෙවන සේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 14දා තීන්දුවක්
ප්‍රකාශයට පත් කලේය.
 
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ජයමුණි අනුරාධා නිල්මිනි විජේසේකර විසිනි.
 
බියගම-රග්ගහවත්ත පදිංචිව සිටි 41 හැවිරිදි චදික් චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි දෙදරු පියෙකි.
 
 

 
‍මෙම මූලික වශයෙන් නඩුව පවරා තිබුණේ ඔහු අත්අඩංඟුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් පස් දෙනාට විරුද්ධවය. 
 
ඔවුන් නම් පොලිස් කොස්තාපල්වරුන් වන සුමේධ තුස්හංග, ඉන්දික ප්‍රියදර්ශන, චානක රුක්මන්, ලහිරු රොෂාන් සහ අජිත් ජයලාල් යන අයට විරුද්ධවය.
 
මෙම පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා චදික් ශර්මන් අත්අඩංගුවට ගත්තේ උදෑසන 4.00 ය. එදිනම උදැසන 9.00 පමණ ඔහු බැලීමට ගිය නිල්මින් විජේසේකරට ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය කියා සිට තිබේ.
 
ඔහුගේ මරණයට හේතුව ප්‍රශ්ණ කිරීම අතරතුරදී ඇති වූ ඇදුම රෝගයෙන් ඇතිවූ හුස්ම ගැනීමේ අමාරුවක් යැයි ද පොලිසීය කිවේය.
 
එනමුත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාවට අනුව ඔහුගේ සිරුරේ පහරදීම් මගින් ඇතිවන ලකුණූ 28ක් තිබුණි. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කර තිබුණේ ඒම ලකුණු පහරදීමකින් ඇතිවන ඒවාට සමාන බවයි.
 
තමන් චදික් ශර්මන්ට පහර නොදුන් බවත් ඔහුට ඇදුම අමාරුව සෑදී මිය ගිය බව පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා දිව්රුම් ප්‍රකාශයක් මගින් කියා සිටියෝය. එපමණක් නොව ඔහු අත්අඩංගුවට ගත්තේ කාර් හොරකමක් පිළිබඳව යැයි ද කීවෝය.
 
අධිකරණය පහර නොදීමේ කතාව පිළිනොගත්තා පමණක් නොව ඔහුට පහරදීම සම්බන්ධයෙන් එම පස්දෙනා වගකිය යුතු යැයිද තීරණය කළේය. 
 
 
පොලිසිය විසින් චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චිගේ ජිවිතයට ඇති මූලික අයිතිවාසිකම කෙළෙසා ඇති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය.
 
පොලිස් අත්අඩංගුවෙහිදී සිදුවූ මෙම මරණය ගැන නීතිපතිවරයා විසින්ද මෙම පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනාට විරුද්ධව නඩු පවරා තිබුණි. ඔවුනට දඩුවම් ලැබෙනු ඇත්තේ ඒ  අනුවය.
 
ශ්‍රේෂ්ඨාධිකරණය චදික් හර්මන්ගේ බිරිදට රුපියල් මිලියනයක වන්දියක් ගෙවිය යුතු යැයි නියම කළේය. ඉන් 750,000 ක් රජය විසින්ද ඉතිරි 250,000  පොලිස් කොස්තාපත්වරුන් පස් දෙනා විසින්ද ගෙවිය යුතුය. මෙම වන්දි මුදලින් ලක්ෂ පහක් චදික් ශර්මන්ගේ දරුවන් දෙදෙනා නමින් සමානව බැංකුව තැන්පත් කරන ලෙසත් ඉතිරි ලක්ෂ පහ ඔහුගේ බිරිදට ලබා දෙන ලෙසත් ඒම නියෝගයේ තවදුරටත් සදහන් වේ.
 
ජයමුණි අනුරාධා නිල්මිනි විජේසේකර වෙනුවෙන් නිතිඥ ලක්සාන් ඩයස් නීතිඥ මනීශා කුමාරසිංහ සමඟ පෙනී සිටියේය.
 
නඩුව විභාග කරන ලද්දේ පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ එම්.ඒ. සමයවර්ධනය යන විනිසූරුවරුන් හමුවෙහිය.
 
 
සම්පූර්ණ නඩු තීන්දුව ඉංග්‍රිසි බසින් :  Torture sc_fr_449_2017
 
 
 
(උපුටා ගැනීම- srilankabrief.org)
 
 

 
THE LEADER TV
 

රාජපක්ෂ සමාගම? ජාත්‍යන්තරයට 

 

අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්