'මිස්ටර් තිසේරා, මම මේ රටට පුදුම ආදරෙයි. අද මේ රට යන්නේ කොහේටද? ඇයි බොරුව මේ තරම් රජ වෙන්නේ. මේ රෝහලේ ප්‍රධානීන් මාධ්‍යයට දෙන්නේ බොරු තොරතුරු. මෙහෙම ගියොත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය කෙළෙසෙනවා. ජාත්‍යන්තරේ සිටින අය ශ්‍රී ලංකාවේ කිසිම වෛද්‍යවරයෙක්ව පිළිගන්නේ නැති තත්වයට පත්වෙනවා.'
මේ විශේඥ වෛද්‍යවරයෙකු සීඅයිඩීයේ පරීක්ෂක බී. තිසේරා ඉදිරියේ වෛද්‍ය සාෆිට අදාළ සාක්ෂි ලබා දී අවසාන වීමෙන් පසුව කඳුළු සලමින් කර ඇති ප්‍රකාශයකි.
සීඅයිඩීය එම ප්‍රකාශයද අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙහි ඇතුළත් කර තිබුණි. වෛද්‍ය සාෆි කළායැයි 'දිවයින' පුවත්පත කී අපරාධ මාලාව තවමත් ඔප්පු වී නැත. ඒ වෙනුවට ඔහුට එරෙහි චෝදනා පදනම් විරහිත බව පැහැදිළිව ඔප්පු වෙමින් තිබේ. එහෙත් තවමත් රජ කරන්නේ බොරුවය. එවැනි පසුබිමක ඉදිරියට පැමිණ මේ ගැන සැබෑව හෙළි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සංවිධාන ඉදිරිපත් වන්නේ නැත.
ඇප ලැබීම:
වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට අවසානයේදී ඇප ලබාදීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. ඒ ඇප ලබා දීම ගැනද අපූරු තර්ක සමාජ මාධ්‍යවල හා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල දකින්නට ලැබුණි. ඇප ලැබීමෙන් වෛද්‍ය සාෆි නිර්දෝෂී බව ඔප්පු නොවූ බව ඇත්තය.
එහෙත් ඔහුට එරෙහිව තිබුණු බරපතලම චෝදනාව වූ, මව්වරුන් වඳභාවයට පත් කළේය යන චෝදනාව මේ වෙද්දී නීතිය ඉදිරියේ සැකයක් නැතිව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.
එහෙත් බොරුව සමාජගත කළ 'දිවයින' පුවත්පතේද? වෙනත් පුවත්පත්වලද තවත් මාධ්‍ය ගණනාවකද කෙස් පැලෙන තර්කවලින් අඩුවක් නොවීය. සාමාන්‍ය පාඨකයන් මෝඩයාට අන්දමින් නැවත නැවතත් මතු කරන තර්කවලට පිළිතුරු සැපයීම කළ නොහැක්කකි. මේ වෙද්දී ලිපි මාලාවකින් අපි වෛද්‍ය සාෆි පිළිබඳ පරික්ෂණවලින් හෙළි වූ තොරතුරු රැසක් ගැන කීවෙමු.
සාෆිට ජනාධිපතිවරයාටත් වඩා ආරක්ෂාවක් !
ලියැවෙන ලිපිවල වෛද්‍ය සාෆිට එරෙහි චෝදනාව තහවුරු කරන කරුණු නැත. දැන් තියෙන්නේ වෙන වැල්වටාරම්ය. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී සීඅයිඩීයේ නිලධාරීන් වෛද්‍ය සාෆිගේ කමිසයේ තිබුණු කුණු කැබැල්ලක් පිස දැමූ බවත් සාෆි හා සීඅයිඩීයේ නිලධාරීන් අතර ඇති බැඳීම එහින් පැහැදිළි වන බවත් අයෙකු ලියා තිබිණි.
තවෙකෙකු ලියා තිබුණේ සාෆිට ජනාධිපතිවරයාටත් වඩා ආරක්ෂාව දුන් බවත් එය මහා ගැටළුවක් බවත්ය. වෛද්‍ය සාෆි අනෙක් වෛද්‍යවරුන්ට වඩා විශාල සැත්කම් ප්‍රමාණයක් කර ඇති බව තවෙකෙකු කියා තිබුණි.
තමන් මහා වරදක් කළ බව දැන්වත් පිළිනොගැනීම ඔවුන්ගේ බාල භාවිතාව පෙන්වන කාරණයකි. වෛද්‍ය සාෆි පිළිබඳ නඩුව ඉදිරියට ගෙන යනු ඇත. ඔහු නිර්දෝෂී බව ඉදිරියේදී ඔප්පුවනු ඇත. තර්ක බුද්ධියට මුල්තැන දෙන කිසිවෙකු මුල සිටම මේ විකාර චෝදනාව පිළිගත්තේ නැත.
කෙසේ වෙතත් ඇප ලැබූ වෛද්‍ය සාෆිට ලෙහෙසියෙන් සාමාන්‍ය සමාජයේ නිදහස් ජීවිතයක් ලබා ගත නොහැකි වනු ඇත. නැවත රැකියාවෙහි යෙදෙන්නට නොහැකි වනු ඇත. වගකීම් විරහිතව බොරු ලියූ දිවයින පුවතපත එක් මිනිසෙකුගේ ජීවිතය විනාශ කර හමාරය.
අප මීට පෙර අධිකරණයට ඉදිරිපත් වූ සීඅයිඩීයේ පරීක්ෂණ වාර්තා ඇසුරෙන් වෛද්‍ය සාෆිට එරෙහිව එල්ල වූ වඳ සැත්කම් චෝදනා ගැන කරුණු කීවෙමු. ඉදිරිපත් වූ මව්වරුන් පිළිබඳ තොරතුරු සංක්ෂිප්තව කීවෙමු. මව්වරුන් පරීක්ෂාවට ලක් කරන්නට ඉඩ නොදී බොරු කියමින් මව්වරුන් බයට පත් කිරීමේ සැලසුම් ගැනද කීවෙමු.
සාෆිට එරෙහි එක් චෝදනාවක් ඉතිරිය:
එහෙත් වෛද්‍ය සාෆිට එරෙහි එක් චෝදනාවක් ඉතිරිය. ඒ ඔහු අයුතු ලෙස ධනය ඉපැයූ බවට එල්ලවන චෝදනාවයි.
ඇත්තෙන්ම වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගනිද්දී එල්ල කර තිබුණු චෝදනාව වන්නේ ත්‍රස්ථවාදි කණ්ඩායමක මුදල් ලබාගෙන එම කණ්ඩායමේ අරමුණු ඉටු කිරීම හා එම මුදල්වලින් දේපළ මිලදී ගැනීමට කටයුතු කරන පුද්ගලයෙකු යන්නය.
එහෙත් වෛද්‍ය සාෆි ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන ඇති බව ඔප්පුවන කිසිම කරුණක් මේ වන තුරු හෙළි කරගෙන නොමැත.
කුරුණෑගල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ ලේඛනාගාරය, ත්‍රස්ත විමර්ශන ඒකකය, බස්නාහිර බුද්ධි කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්යංශය, දඹුල්ල පොලිස් ස්ථානය, නාවික හමුදා බුද්ධි අංශය, ගුවන් හමුදා බුද්ධි අංශය, යුද්ධ හමුදා බුද්ධි අංශය යන සියලු ආයතනවලින් හා බුද්ධි අංශවලින් සීඅයිඩීය කරුණු විමසා ඇති අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට ඒ කිසිවෙකු කරුණු හෙළි කරගෙන නැත.
ත්‍රස්තවාදී ක්‍රියා ගැන චෝදනා කර ඇත්තේ බුද්ධි අංශවලටත් වඩා බුද්ධි විශේෂඥයන් යැයි සිතා සිටින දිවයින පමණි.
සීඅයිඩීය ඔහුගේ වත්කම් ගැන සිය පරීක්ෂණ වාර්තාවෙහි සඳහන් කර තිබුණි. වෛද්‍ය සාෆිගේ දළ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඔහුට ඇති චෝදනා ගැන තේරුම් ගැනීමට කැමති පුරවැසියෙකුට වැදගත් වනු ඇත.
දේපළ:
වෛද්‍ය සාෆි ෂියාබ්දීන් සන්තකයේ ඇති චංචල දේපළ 15 ක් බව මෙතෙක් හෙළි කරගෙන තිබෙන බව සීඅයිඩීය සිය වාර්තාවේදී පවසයි. මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු ඇසුරින් වෛද්‍ය සාෆිගේ දේපළ මෙසේය.
ඔහු වෛද්‍යවරයෙකු ලෙස ලැබූ වැටුපෙන්ද, විවිධාකාර ආයෝජන සිදුකරමින් ව්‍යාපාරිකයෙකු ලෙස දේපළ උපයා ඇත.
කුරුණෑල ඇති ඔහුගේ නිවස ඔහු සතු එක් දේපළකි. එය 2008 දී රුපියල් මිලියනයකට මිලදී ගෙන තිබේ.
තවත් නිවෙසක් හා ඉඩමක් 2012 දී මිලියන හයකට මිලදී ගෙන ඇත. කුරුණෑගලම පර්චස් 15.2 ක හිස් ඉඩමක් රුපියල් 4,375,600 කට මිලදී ගෙන තිබේ. තෝරයායේ පර්චස් 20 කට ඉඩමක් මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුනකටය. ඔහුගේ නිවස අසලම තවත් පර්චස් 5.1 ක ඉඩමක් හා නිවෙසක් 2015 දී රුපියල් 3,020,000කට මිලදී ගෙන තිබේ.
කුරුණැගල හා නුවර පාරේ පර්චස් 29ක ඉඩමක් රුපියල් මිලියන 15කට මිලදී ගෙන තිබේ. තෝරයාය ප්‍රදේශයේ පර්චස් 18ක හිස් ඉඩමක් රුපියල් ලක්ෂ 2කට මිලදී ගෙන තිබේ. අලකොලදෙණිය ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 2කටය.
ආන්දෝලනාත්මක ඉඩම් දෙක !
පුත්තලම පාරේ ඉඩම් දෙකක් ඇත. වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට බලපෑ ආන්දෝලනාත්මක ඉඩම් දෙක වන්නේ එයයි. කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමයේ පැමිණිල්ලක් මත වෛද්‍ය සාෆි ගැන කුරුණෑගල පොලිසිය පරීක්ෂණ පටන්ගත් බව කියන්නේ ඒ ඉඩම් ගනුදෙනුව නිසායි.
එහෙත් ඒ ඉඩම් දෙක වෛද්‍ය සාෆි මිලදීගෙන තිබුණේ කොටස් කරුවන් 4 දෙනෙකු අතරින් කෙනෙකු ලෙසය. එක් අයෙකු මිලියන 15 බැගින් ඒ ඉඩම් සඳහා ආයෝජනය කර තිබුණි. රුපියල් මිලියන 60 ක පමන ණයක් අමානා බැංකුවෙන් ලබාගෙන තිබුණි. කලාවැව පර්චස් 26 ක පොල් ඉඩමක්ද වෛද්‍ය සාෆිට ඇත. එය මිලදීගෙන ඇත්තේ මිලියන 2කටය.
කැකිරාවේ පර්චස් 7ක ඉඩමක් හා කඩයක් රුපියල් මිලියන 2කට මිලදී ගෙන ඇත. ඉබ්බාගමුවේ අක්කර 8ක පොල් ඉඩමක් ලක්ෂ 56කට මිලදී ගෙන ඇත. කුරුණෑගල පර්චස් 11.5ක ඉඩමක් මිලදීගෙන ඇත්තේ 11 ලක්ෂයකටය. මේ සියලු දේපළවලට රුපියල් 53,040,600ක් පමණ වියදම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
දෙදෙනාම වෛද්‍යවරුන් වන යුවලක් ඉඩම් මිලදී ගනිමින්, ඒ ආදායම් මත තවත් ඉඩම් මිලදී ගැනීම අසාමාන්‍ය කාරණයක් දැයි අප විමසිය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරිපෙළ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගත්තා නම් වෛද්‍ය සාෆිගේ වත්කම් ගැන කිසිම පුදුමයක් ඇති නොවනු ඇත.
ආදායම:
වෛද්‍ය සාෆි සතුව රසායනාගාරයක් ඇත. එය රුපියල් ලක්ෂ 37ක ආයෝජනයක් බව සීඅයිඩීය කියයි. මසකට රුපියල් ලක්ෂ 10ක පමණ ආදායමක් එයින් ලැබෙන බවද සීඅයිඩීය කියයි. රසායනාගාරයේ කුලිය මසකට 280,000කි.
ඊට අමතරව 'සන්පොට් බර්නාඩ්' නම් පෙව්මන්ට් ගල් නිෂ්පාදනය කරන ආයතනයක් ඔහු සතුව ඇති බවද සීඅයිඩීය කියා තිබේ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 17ක ආයෝජනයක් කර ඇත. මසකට ලක්ෂ 4ක ආදායමක් එයින් උපයයි.
නිවෙස් කුලියට දීමෙන් මසකට රුපියල් 66,000ක් පමණ උපයයි. ඊට අමතරව අලුතෙන් මිලදී ගත් බෝධිරාජ මාවගේ ඉඩමෙන් රුපියල් 50,000ක මාසික ආදායමක් උපයයි. ඊට අමතරව වෛද්‍යවරයෙකු ලෙස මාසික වැටුපක්ද ඔහුට ලැබෙයි.
ඔහු හා බිරිඳ වෛද්‍යවරුන් ලෙස වාහන පර්මිට් අලෙවි කරමින් රුපියල් මිලියන 12ක පමණ ආදායමක් උපයා ඇත. දැනට ඔවුන්ට කාර් රථ දෙකක් සහ යතුරුපැදියක් ඇත.
මාසිකව රුපියල් 1,933,500ක් හෙවත් ලක්ෂ 19ක් ඔහු මාසිකව උපයයි. ඔහු ආයෝජනය කර ඇති මුළු මුදල ලක්ෂ 377කි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඔහු අන්‍යාකාරයකින් හෝ නීතිවිරෝධී ක්‍රමයකින් මුදල් උපයා ඇති බව තහවුරු වී නොමැති බවය. කෙසේ වෙතත් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටින බවද එම දෙපාර්තමේන්තුව කියා තිබේ.
කාර්ය මණ්ඩලය:
අවසාන වශයෙන් වෛද්‍ය සාෆි ගැන රෝහල් කාර්ය මණ්ඩලය සීඅයිඩීයට දී තිබුණු සාක්ෂි ගැනත් කිව යුතුය. ඒ කිසිවෙකුගේ සැකයකට ලක් නොවී වෛද්‍ය සාෆිට වසර ගණනාවක් තිස්සේ මව්වරුන් දහස් ගණනක් වඳ කරන්නට හැකි වේයැයි කල්පනා කිරීමම විකාරයකි.
වෛද්‍ය සාෆි අනවශ්‍ය කලබලයක් පෙන්වමින් මැජික් උපක්‍රම පාවිච්චි කොට වඳ සැත්කම් කරන බව දිවයින කියා තිබුණි. අඩු තරමේ එවැනි චෝදනාවක්වත් රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු තහවුරු කර තිබුණා නම්, ඒ ගැන සැලකිය හැකිය. එහෙත් කිසිවෙකු වෛද්‍ය සාෆි ගැන සැක කරන්නට එවැනි පදනම් සහගත සාක්ෂියක් ලබා දී නැත.
සීඅයිඩීය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල තිබුණේ වෛද්‍යවරුන් 47දෙනෙකුගෙන්, හෙදියන් 71 දෙනෙකුගෙන් සහ සුළු සේවකයන් 18 කෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත් බවය. වෛද්‍යවරුන් 47 දෙනාගෙන් වෛද්‍යවරුන් 45දෙනෙකුම සාෆිට එරෙහිව කිසිම චෝදනාවක් නගා නැත. එක් නිර්වින්දන වෛද්‍යවරියක සාෆිගේ සැත්කම් සැකසහිත බවට වෙනත් අය කීවේයැයි ප්‍රකාශයක් දී ඇත. මෙම වෛද්‍යවරිය හා සාෆි අතර මීට ඉහත බහින්බස් වීමක් සිදුවී තිබුණි.
තවත් වෛද්‍යවරයෙකු කියා ඇත්තේ සිසේරියන් සැත්කමක් අවසන් වෙද්දී සාෆි සෙසු වෛද්‍යවරුන් වෙනත් වැඩවලට යවන බවයි. එම දෙදෙනාද ඇතුළුව වෛද්‍යවරු 47 දෙනාම වෛද්‍ය සාෆි පැලෝපීය නාල මිරිකනු කිසිදා දැක නැති බව ප්‍රකාශ කර තිබේ. හෙදියන් 71 දෙනා සහ සුළු සේවකයන් ද කියා ඇත්තේ වෛද්‍ය සාෆි පැලෝපීය නාල මිරිකනු කිසිදා දැක නැති බවය. ඒ නිලධාරීන් අතර වෛද්‍ය සාෆි සමග සැත්කම්වලට සහභාගි වූ හෙදියන් සිට ඇත.
විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්, සීමාවාසික වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයෙන් ලබා ගත් කිසිම සාක්ෂියකින් වෛද්‍ය සාෆි මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකනවා දුටු බව හෝ මිරිකූ බව හෝ ඒ ගැන සැකකිරීමක් අනාවරණය වී නැත.
මෙතෙක් අප ඔබට ඉදිරිපත් කළ වෛද්‍ය සාෆි ගැන සීඅයිඩීය ඉදිරිපත් කළ කරුණු කිසිවක් කරුණු වශයෙන් තවමත් අභියෝගයට ලක්ව නැත. සීඅයිඩීය වෛද්‍ය සාෆිට පක්ෂපාතී බව චෝදනා එල්ල කරන කිසිවෙක් ඒ කරුණු අසත්‍ය බව පදනම් සහගතව ඔප්පු කර නැත.
තමන්ගේ කට උත්තර සීඅයිඩීය විකෘති කර ඇති බව පදනම් සහගතව කරුණු ඉදිරිපත් වී නැත. ඒ අනුව වෛද්‍ය සාෆි ක්‍රමයෙන් නිර්දේෂී වෙමින් සිටී. එහෙත් ජාතිවාදී විෂ පතුරුවන්නන්, පදනම් විරහිත චෝදනා එල්ල කරමින් වෛද්‍ය සාෆි සදා වරදකරුවෙකු කරනු ඇත. අන්ධ භක්තියෙන් ඒවා පිළිගන්නා පිරිසක්ද ඉතිරි වනු ඇත.
(අනිද්දා- රේඛා නිලුක්ෂි හේරත්)
සබැඳි පුවත්
කුරුණෑගල DIG ට හා SSP ට එරෙහි ක්‍රියාමාර්ග ඇරඹේ !
වඳ කළ නොහැකි අගතිය - රෝහිත භාෂණ අබේවර්ධන
සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය යටගැසූ බරපතල කාරණා -03
'දිවයින' වඳ කතා නාඩගම: :අධිකරණ කොමිසමෙන් මහේස්ත්‍රාත්ට පරීක්ෂණ
වඳ සැත්කම් නාඩගම : වෛද්‍ය සාෆිව ඇප මත නිදහස් කෙරේ
සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා -02
සාෆිට එරෙහි අවනඩුව: රහස් පොලිසියෙන් විනිසුරුට එරෙහිව පැමිණිල්ලක් !
සාෆිට එරෙහි අවනඩුව: ASP ඉවත්කරන්නැයි විනිසුරු බලපෑම් කරලා !
සාෆිට එරෙහි අවනඩුව: වැඩබලන IGP, නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි!
සාෆිට එරෙහි අවනඩුව: මහේස්ත්‍රාත් ගැන විමර්ශනයකට ඉල්ලීමක්
සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා මෙන්න!
වඳ සැත්කම් නාඩගම: මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්න
වඳ සැත්කම් නාඩගම : සොලමන්ස්ගේ කොමිසමට ජනාධිපති බෑ කියයි
වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිට එරෙහිව විමර්ශන ඇරඹේ !
වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක !
වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!
වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයායන 'ධ්‍රැකියුලා' ගැන කියයි
වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !
මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !
'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා
වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ
මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව
'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න
'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!
වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !
අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව
දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා
'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්