ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය ගත් තීරණයට එරෙහිව බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව 'සමගි ජන බලවේගය පක්ෂය' විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී
කණ්ඩායම ඒකමතික තීන්දුවක් ගෙන තිබේ.
 
විශ්වාසභංග යෝජනා විවාදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී රැස්ව එම තීන්දුව ගෙන ඇත.
 
මෙහිදී අදහස් දක්වා ඇති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, විශ්වාස භංගය පරාජය කිරීමට ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදියයුතු බවට කල යෝජනාව ඒකමතිකව සම්මත වී තිබේ.
 
එම කාරණය අවදාරණය කරමින් ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන්ට 'ත්‍රී ලයින් විෆ්' ( three-line whip) දැනුම්දීමක් කර ඇතැයි ද ඔහු සඳහන් කර ඇත. 
 
කොළඹ රැදී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගිවී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවටද ඔහු වැඩිදුරටත් දැනුම් දී ඇත .
 
 
 
 
විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. 
 
 
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, පුජ්‍ය අතුරලියේ රතන හිමි යන මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විශ්වාසභංග යෝජනාව පරාජයකට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවය.
 
ඩී.වී චානක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තෙල් මිල වැඩි කිරීම අමාත්‍යවරයෙකුගේ තනි තීරණයක් නොවීම හේතුවෙන් එම විශ්වාසභංගය ආණ්ඩු පක්ෂය විසින් පරාජය කරන බවය.
 
ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැනටමත් තීරණය කර ඇත .
 
විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර ඒ අනුව අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ වේ. 
 
 
 
 

 
THE LEADER TV 
 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
 
 
 
ගම්මන්පිලට ඇමතිවරුගෙන් කුණු බැණුම්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්