තමන් හට රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලැබීමට නියමිත බව පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම් පවසයි.
ඔහු රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වය දරන 'සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ' සාමාජිකයෙකි.
අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා පවසන පරිදි, විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඔහු ආණ්ඩුවට සහයදී ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් දෙනු ලැබූ පොරොන්දු මතයි.
''20ට සහය දුන් අවස්ථාවේ ආණ්ඩුව අපිට ඇමති තනතුරු දෙනවා කිව්වා යයි අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා කියයි
ප්රශ්නය –
ඔබට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබීමට නියමිත බව පසුගියදා ඔබ ප්‍රකාශ කළා. එහි දැන් තත්ත්වය මොකක්ද?
මන්ත්‍රී අලි සබ්රි රහීම් :
''අපි 20ට සහයෝගය දුන් අවස්ථාවේ අපිට ඇමති තනතුරු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුරු දෙනවා කියලා ආණ්ඩුව කිව්වා. අපි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සති දෙකකට කළින් තමයි පාර්ලිමේන්තුවට පැමිණියේ. ඔහු කිව්ව දේ ඉටු කරයි කියලා අපිට විශ්වාසය තියනවා. අපිට ඒ තනතුරු ලබා දෙයි කියන බලාපොරොත්තුවෙන් අපි ආණ්ඩුව සමග එක්ව ගමන් කරනවා.''
ප්රශ්නය –
රාජ්‍ය ඇමති තනතුරු ලැබීමට නියමිත අය ගැන ඔබ දන්නවාද?
මන්ත්‍රී අලි සබ්රි රහීම් :
''මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07දෙනෙක්, මුස්ලිම් කොංග්‍රසය සහ වෙනත් පක්ෂ හරහා 20ට සහය දුන්නා. අනිත් අයගේ ගිවිසුම් ගැන දන්නේ නැහැ. නමුත් මට දෙනවා කියලා ආණ්ඩුව කියලා තියෙනවා.'
(News 1st)
THE LEADER TV
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
ගම්මන්පිලට ඇමතිවරුගෙන් කුණු බැණුම්!