ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
 
මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ අද (19) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එබව සඳහන් කර තිබේ.
 
ඔහු එවැනි  ප්‍රකාශයක් සිදුකර ඇත්තේ,  ඉදිරි ජනාධිපතිවරණයෙදී 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලු කටයුතු සුදානම් කරමින් තිබෙන වටපිටාවක් තුළය .
 
ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ කෙසේහෝ ඉදිරිපත් කරන බව බැසිල්වාදීන් මේවනවිටත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටියි.
 
බැසිලාගමනය වෙනුවෙන් තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පරිත්‍යාගකළ ජයන්ත කැටගොඩ පලමුවරට එම කාරණය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
 
මීළඟ ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ අනිවාර්යෙන්ම ඉදිරිපත් කරවන බව ඔහු අවදාරණය කර සිටියේය. බැසිල්වාදී ආචාර්ය රන්ජිත් බණ්ඩාර ද ඒ බව මේවනවිට කිහිපවරක් ම ප්‍රසිද්ධියේ පවසා තිබේ.
 
 
 
 
සබැඳි පුවත් :

 
THE LEADER TV 
 
 
ආණ්ඩුවේ මන්ත්‍රී සෙට් එකට සැපක් දෙන්න යයි!
 
 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්