1200 x 80 DMirror
 
 

චීනයේ නිශ්පාදිත සිනෝවැක්ස් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ලබා දීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ මඬුල්ලේ තවත්
පාර්ශවකරුවන් තිදෙනකු  ඉල්ලා අස් වී තිබේ.
 
 සාමාජිකයන් අට දෙනකුගෙන් සමන්විත වු මෙම විශේෂඥ කමිටුවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස්  විද්‍යාඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ මහාචාර්ය චන්න රණසිංහ මෙලෙස ඉල්ලා අස් වී ඇත.
 
 ඉල්ලා අස් වීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ චීනයේ නිශ්පාදිත සිනෝවැක්ස් එන්නතට අනුමැතිය ලබා දීමට තමන් විරුද්ධ වී තිබියදීත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම එන්නත මෙරට භාවිතය සදහා අනුමැතිය ලබා දීම බවයි.
 
 
කොරෝනා වසංගතයේ ඩෙල්ටා ප්‍රබේදය හමුවේ සිනෝවැක්ස් එන්නත දුර්වලතම එන්නතක් බව ඖෂධ නියාමන අධිකාරියේ  ස්වාධීන විශේෂඥ මඬුල්ල නිගමනය කර තිබු බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
 
කෝවිඩ් එන්නත් ලබාදීම සහ මිලදී ගැනීම සම්බන්ධ අර්බුද වාර්තා වන අතරවාරයේ  ඖෂධ නියාමන අධිකාරියේ  ස්වාධීන විශේෂඥ මඬුල්ලේ තවත් පාර්ශවකරුවන් දෙදෙනකු ද පසුගිය ජුනි මාසයේදී ඉල්ලා අස් වී තිබුනි.
 
 කොළඹ උතුර (රාගම) වෛද්‍ය පීඨයට අනුයුක්ත ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අරුණාසලම් පද්මේශ්වරන් ජුනි මස මැදදී ඉල්ලා අස්වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යා පීඨයට අනුබද්ධ ප්‍රතිශක්තීකරණය පිළිබදවිශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස් වී තිබුනේ ජුනි මස අගදීය.
 
 ඔවුන් ඉල්ලා අස් වී ඇත්තේ “පුද්ගලික හේතු” සහ “අධික වැඩ සම්භාරය” හේතු ලෙස දක්වමින් බව ජන මාධ්‍ය වාර්තා කර තිබේ.
 
සාමාජිකයන් අට දෙනකුගෙන් සමන්විත වු මෙම විශේෂඥ කමිටුවට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ද මේ වසරේ මුල පටන් පැවැති සේවයෙන් නෙරපා හැරීම් හා ඉල්ලා අස්වීම් මතභේදයට තුඩු  දී තිබුනි.
 
 

 
 
 ඖෂධ නියාමන අධිකාරියේ  ස්වාධීන විශේෂඥ මඬුල්ල මහාචාර්ය පද්මේශ්වරන් සහ මහාචාර්ය මලවිගේ යන අයට අමතරව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා , වෛරස්  විද්‍යාඥ වෛද්‍ය කාන්ති නානායක්කාර, ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න රණසිංහ, ළමා රෝග විශේෂඥ  වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ වසංගත රෝග විශේෂඥ  වෛද්‍ය හසිත තිසේරා  යන අයගෙන් ද සමන්විත විය.
 
 
 
සිනොෆාර්ම් එන්නත අනුමත කිරීමට බලපෑම් එල්ල වීම :
 
 
 
මීට පෙර ද තෙවන අදියරේ අත්හදා බැලීම් වලදී ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ දත්ත රහිතව සිනොෆාර්ම් එන්නත අනුමත කිරීමට බලපෑම් එල්ල වීම හේතුවෙන් සමහර සාමාජිකයන් අදාල සාකච්ඡාවලින් ඉවත්කෙරුන අතරවාරයේ, නව සාමාජිකයන් යොදාගෙන කමිටුව පුළුල් කිරීම සිදුවිය.
 
 කෙසේවෙතත්, ශ්‍රී ලංකාව සිනොෆාර්ම් එන්නත මිලදී ගැනීමට කටයුතු කරන අතර එහි මිල ගණන් ප්‍රසිද්ධියට පත් කිරීමට තහංචි පනවමින් එන්නත් නිෂ්පාදක චීන සමාගම කොන්දේසි පනවා තිබේ.
 
 ශ්‍රී ලංකාව එන්නත් ගන්නා සිනොවැක් ලයිෆ් සයන්සස් සමාගම සමග එකඟවී ඇති මිල ගණන් “මහජනතාවට ප්‍රසිද්ධ කළහොත් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කළොත් එය ගිවිසුම අහෝසි කිරීමට නැතිනම් අපට එරෙහිව ඔවුන් විසින් නීතිමය පියවර ගැනීමට හේතුවනු ඇතැ,” යි එන්නත බෙදා හැරීම සඳහා පිරවීම සිදු කරන්නට නියමිත පල්ලෙකැලේ පිහිටි කෙලුන් ලයිෆ් සයන්සස් සමාගමේ සභාපති වී නඩරාජා ජුනි 13 දා ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට ලියූ ලිපියක සඳහන් වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
 
 එන්නත් එක්කෝටි තිස්ලක්ෂයක් මිලදී ගැනීම සඳහා ගිවිසුමකට එළැඹ සිටින බව එම සමාගම විසින් ඊට දින දෙකකට පෙර යවන ලද ලිපියක දැක්වේ.
 
 
 
මේ අතර කෝවිඩ් පෙරසූදානම් හා ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ජුනි මාසයේ  සිය ධුරයෙන් ඉවත් වී තිබුනි.
 
ඔහු මාධ්‍යවෙත පවසා තිබුනේ  ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ එහි විශාල වැඩ කොටසක් සම්පූර්ණ කර තිබියදි, එම තනතුරට අලුතින් බඳවා ගැනීමට දැන්වීම් පල කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීමට තමන්ට සිදුවූ බවයි.
 
 ජුනි මස මුලදී නව අධ්‍යක්ෂවරයකු පත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිවේදනය  පැමිණ ඇත්තේ ජුනි 15 දා දා ය.
 
 “ඉතින්, හැර යෑම විනා මට වෙන කුමක් කළ හැකිද? වෙන කරන්න කිසිත් නැහැ,”යැයි හිටපු වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසා තිබුනි.
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
THE LEADER TV 
 
 
 ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ දැනුම්දීමක් ! 
 
 
 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
  

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්