1200 x 80 DMirror

 හිටපු අමාත්‍යවරයකුගේ නිවසෙහි සේවයේ යෙදී සිටි දැරියකගේ මරණයට හේතු වු සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් හැටන් නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.
 
 ජුලි 18 ඉරිදා හවස් යාමයේ පැවැති එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ කඳුරට ජනතා පෙරමුණ හා කඳුරට කම්කරු පෙරමුණ විසිනි.
 
 
 
wathukaraya 2021.07.20
 
 හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක් සිරුරට ගිනි තබාගෙන දිවි තොර කර ගත් බවට චෝදනා කෙරෙන හේතු වු කරුණු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බොරැල්ල පොලිසිය හිටපු ඇමැතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම ද පසුගියදා සිදු කර තිබුනි.
 
 සියදිවි හානි කරගත් දැරිය කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වී සිටි බව මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී තිබු බව පරීක්ෂණ පැවැත්වූ බොරැල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
 
 හිටපු ඇමැතිවරයාගේ නිවසේ සේවය කරන මෙහෙකරුවාගෙන් පැය හයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට බොරුල්ල පොලිසිය ජුලි 17 වැනිදා කටයුතු කර තිබුනි.
 
 මිය ගිය දැරිය  හැටන් ප්‍රදේශයේ වතු නිවාසයක පදිංචිකාරියක වන අතර  ඇය හිටපු අමාත්‍යවරයාගේ  නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇත්තේ ඇයට අවුරුදු 15 මාස 11ක කාල සීමාවේදී බව ජනමාධ්‍ය වාර්තාකර තිබේ.
 
 කාන්තාවන්ට එරෙහිව සිදු කරන සියලු හිංසන නතර කරන ලෙස බල කළ හැටන් විරෝධතාකරුවන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ  බාල වයස්කාර දරුවන්ගෙන් වැඩ ගැනීම ළමා අයිතිවාසිකම් වලට එරෙහි වීමක් බවයි.
 
 

 
 වතු ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි දරුවන් ඇතුළු තරුණියන් විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවයේ යෙදී සිටිති. 
 
ඒ දරුවන්ටද ඉදිරියේදී මෙවැනි අපරාධ නොවීම සඳහා මෙම දැරිවියගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ අපරාධයට සම්බන්ධ වගකිව යුත්තන්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙස උද්ඝෝෂණයට එක්වෙමින් කදුරට ජනතා පෙරමුණේ රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පැවසීය .
 
 
THE LEADER TV 
THE LEADER TV 
 
 
 ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ දැනුම්දීමක් ! 
 

 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?

  

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය