ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මෙරට ඉස්ලාම් භක්තිකයන්ගේ විවාහ සිදු කිරීමට හැකි වන
පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
රජය මෙම තීරණය ගෙන ඇත්තේ ළමා විවාහයට සහ බහුභාර්ය සේවනයටත්, පිරිමි අභිමතය පරිදි දික්කසාදයටත් අවසර ඇති මුස්ලිම්වරුන් ගේ නීති වෙනස් කිරීමට එම ප්‍රජාව තුලින්ම මතුවී තිබෙන යෝජනා වලට පුරුෂ මණ්ඩලයක් වන ජමියතුල් උලමා සභාව විරෝධය දක්වා තිබියදීය.
 
  
කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රීපුරුෂ ‌භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවරම වු හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  මගින් විධිවිධාන පනවා තිබේ.
 
 
එහෙත් මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ කාන්තාවන් වෙනස්කමකට භාජනය කරනු ලබන යම් නිශ්චිත විධිවිධාන ඇතුලත් වී ඇති බැවින් එවැනි විධිවිධාන නීතියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව විවිධ කාන්තා සංවිධාන, මුස්ලිම් ප්‍රජාවට අයත් සහ මුස්ලිම් නීතිය පිළිබද විද්වතුන් විසින් පෙන්වා දී තිබෙන බවයි රජය පවසන්නේ.
 
 
" එබැවින්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට  අයත් තැනැත්තන්ගේද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ඔවුන් වෙත ලබා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. "
 
 
ඒ අනුව ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ට එකී ආඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත් වෛවාහික නඩු කටයුතු සම්බන්ධ කාර්යය පටිපාටිය සංශෝධනය කිරීම සදහා‌ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ජුලි 19 සදුදා රැස් වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
 

 
THE LEADER TV 
 
 
බැසිල් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙයි ?
 
 
කප්පම් සනා ස'ටත් කොකා පෙන්නලා ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්