බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
විශ්වාසභංගයට එරෙහිව මන්ත්‍රීවරු 152 ක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.
මේ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.
ආණ්ඩුවේ බැසිල් - විමල් දෙපාර්ශවය තම අභ්‍යන්තර මත ගැටුම පසෙකලා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දෙද්දී, සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සහ එජාප මන්ත්‍රී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටි අතර, ආණ්ඩු පක්ෂයේ විජයදාස රාජපක්ෂ පැමිණ නොසිටියේය.
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චිකල රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනා යෝජනාවට විරුද්ධව ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශකළ අතර 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් 4 දෙනා විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැඹේ නොසිටියේය.
''ආණ්ඩුවේ සැබෑ මුහුණුවර හෙළිවුණා' -මනුෂ
මනුෂ නානායක්කාර
උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුයේ, විශ්වාසභංගයක් ගෙන ඒමෙන් ආණ්ඩුවේ නිරුවත හෙලි කිරීමට හැකිවූ බවයි.
තාත්තලාට, බාප්පලාට, පුතාලට එකතුවී මිල ඉහළ නොදමා සිටීමට හැකියාවක් තිබුණ බවත්, මිල වැඩි කිරීම හමුවේ තිබෙන ආණ්ඩුවේ නිරුවත හෙළි කිරීම සඳහා උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ බවත් ඔහු පැවසිය.
''අපිට අවශ්‍ය වුනේ විශ්වාසභංගය හරහා රාජපක්ෂලා ඉතිහාසය ඉදලා කරපු දේවල් පෙන්වන්න. කාලයක් විදුලි පුටුව පෙන්නුවා. මුස්ලිම් අර්බුදයක් මතු කරලා සිංහලේ ලේබල් ගහගත්තා. පෝෂණ මල්ලක් දෙනවා කිව්වා. ජාතික ආරක්ෂාව ගැන අර්බුදයක් නිර්මාණය කළා. බුදු අඩු කරනවා කිව්වා. ඒවා කියලා ජනතාව රැවටුවා
ආණ්ඩුවේ අසමත්භාවය හමුවේ තෙල් මිල ඉහළ දැම්මා. ඇමැතිගේ පිටින් ආණ්ඩුවේ අසමත්කම යැවීමට උත්සාහ ගත්තා. ඇමැතිවරයාගේ පැත්තට බෝලේ පාස් කරලා අත සෝදා ගැනීමට පොහොට්ටුව උත්සාහ ගත්තා. බොරු ෂෝ දැම්මා. මේ ෂෝ එක, මේ හෙළුව, හැමදාම කරන බොරුව පාර්ලිමේන්තුව ඇතුලේතේ ජනතාව ඉදිරියේදීත් හෙලි කිරීමට අවශ්‍ය නිසා තමයි විශ්වාසභංගය අරගෙන ආවේ.
මොල හතේ කෙනා ආවම මිල අඩු කරනවා කියලා කිව්වා. එයා හිටියානම් මිල වැඩි කරන්නේ නෑ කියලා කිව්වා. උදය ගම්මන්පිල ඇමැතිවරයා ලෑල්ලට හේත්තු කරලා තමන්ගේ ජාමේ බේරාගැනිමට ආණ්ඩුව උත්සාහ කරනවා.
ජීවන වියදම් කමිටුවේ ඉඳල තෙල් මිල වැඩි කිරීමට අනුමැතිය දීලා ඇවිත් පක්ෂයක් විදියට තෙල් මිල වැඩි කරනවාට විරුද්ධයි කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා. එහෙනම් තාත්තලා, බාප්පලා පුතාලට එකතුවෙලා මිල වැඩි නොකර ඉන්න තිබුණා. මේ හෙළුව තමයි අපිට එළි දක්වන්න අවශ්‍ය වුනේ.''
එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ විවාදයේදී මෙලෙස අදහස් පළ කළේය.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයේ පිළිතුරු කතාව කළ අමාත්‍ය උදය ගම්මන්පිල විශ්වාසභංගයේ තමන්ට සහය පළ කළ පිරිස්වලට මෙන්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගයට ස්තූතිය පළ කළේ මෙසේය.
THE LEADER TV
බැසිල් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙයි ?
කප්පම් සනා ස'ටත් කොකා පෙන්නලා !